Friday, July 16, 2010

අන්වීක්ශීය විශ්ලේශනය සදහා පටක පිලියල කිරීම - 1

හරි, ඔන්න ඉතිං කාලෙකට පස්සෙ ආයෙත් වැඩේට බැස්සා... පහුගිය දවස් ටිකේ එක එක වැඩ, කොහොම කොහොම හරි ඔන්න වෙලාවක් හදා ගත්තා, මම මේ කතාව කාලෙකට කලින් කියන්න හිටියෙ, නමුත් ළගදි දවසක යහලුවන් අතරින්  මේ සම්බන්ධව කතාවක් ඇදිල ඒමත්, වැඩි දෙනා මේ සම්බන්ධව සමහර කරුණු නොදැන සිටීමත් නිසා මෙය කෙසේ හෝ ලියා අවසන් කිරිමට මම අදිටන් කලෙමි.

අපි යම් ශාකයක හෝ සත්ව දේහයක යම් කොටසක් ( අවයවයක හෝ එවැනි) අන්වීක්ශ මට්ටමෙන් අධ්‍යනය කරන්න යනවානම්, වැඩේ කරන්නෙ මෙහෙමයි. මම මේ වැඩේ තේරුම් ගැනීමේ පහසුව තකා සත්ව පටක ගැන පමනක් කතා කරන්නම්

පටකය දේහයෙන් වෙන් කර ගන්නා ආකාර කිහිපයකි.
1. එන්ඩොස්කෝපයක් ඇසුරෙන් දේහ අභ්‍යන්තර පටක කොටසක්, (ඉතා කුඩා)
2. ශල්‍යකර්මයක් මගින් දේහයෙන් ඉවත් කිරීමට නියම කොට, එමගින් ඉවත් කල අවයවයක් හෝ අවයව කොටසක් යනාදී ලෙස ය.

තවද ශල්‍යකර්මයක් මගින් දේහයෙන් ඉවත් කල අවයවය හෝ අවයව කොටස් අනිවාරයෙන් ම මෙසේ මෙම ක්‍රියාවලිය හරහා පිලියල කරගත් පටක කොටස් Histopathologist  කෙනෙකු ගේ විශ්ලේශනයට සදා යොමු කර වාර්තාවක් ශල්‍ය වෛද්‍යවරයා වෙත යොමු කල යුතු ය.

කෙසේ හෝ වේවා ලැබ් එකට එන ඔය කියන කොටස් අන්වීක්ශ කදාවකට ගත හැකි තත්වයට පත් කිරීම මෙහි මූලික අරමුණ වේ.

ලැබ් එකට රෝගියෙක් ගේ කුඩා අන්ත්‍රයෙන් කොටසක් විශ්ලේශනයට නියම වී යැයි උපකල්පනය කරමු.

දැන් මෙය Histopathologist විසින් මෙම සාම්පලය විශ්ලේශනය කොට මෙහි කුමන කොටස් අන්වීක්ශීය විශ්ලේශනයට යොමු කල යුතු ද යන්න තීරනය කරන අතර සාම්පලයේ බාහිර පෙනුම සටහන් කරගනී. ඉන්පසු අවශය කලාප වලින් සෙ.මී. 3X2X2 තරම් පමන නියැදි කපාගෙන කුඩා "කැසට්" වලට ඇතුල් කරයි.

ඉන්පසු ඒවා M.L.T.  විසින් පටක සැකසීමේ ක්‍රියාවලියට යොමු කෙරේ. ඒ සදහා සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ විද්‍යාගාර වල භාවිතා කරන යන්ත්‍ර කිහිපයකි. (දැන් ලංකාවේ ද ඇතැම් විද්‍යාගාර වල මෙයට වඩා නවීන උපකරණ භාවිතා වේ.)

  1. Rotary Tissue Processor
  2. Tissue Embedding system
  3. Tissue Cutting Machine
  4. 4.    Water Bath

Rotary Tissue Processor

 

Rotary tissue p

මෙය අවශ්‍ය දත්ත ලබා දුන් විට ක්‍රියා කරන ස්වයංක්‍රීය උපකරණයකි.

මෙහි සැලැස්ම මෙසේ ය

24052010209

 

මෙය මූලික වශයෙන් ලීටරයේ පමන බීකර 10කින් හා පර‍ෆින් ඉටි සමන්විත බීකර දෙකකින් සැදුම් ලත් උපකරණයකි. එක් එක් බීකරය තුල පටක කොටස් සිටිය යුතු කාලය මෙම උපකරනයට අප ලබා දිය යුතු දත්තය වේ. එක් එක් බීකරය පහත  රසායන ද්‍රවය වලින් සමන්විත වේ.

Beaker No. 1 – Alcohol ( Con. =70%)

Beaker No.2 – Alcohol (Con. = 80%)

Beaker No.3 – Alcohol (Con. = 90%)

Beaker No.4 – Alcohol (Con. = 95%)

Beaker No.5 – Alcohol (Con. = 95%)

Beaker No.6 – Alcohol (Con. = 100%)

Beaker No.7 – Alcohol (Con. = 100%)

Beaker No.8 – Alcohol + Xyline (1:1)

Beaker No.9 – Xyline

Beaker No.10 – Xyline

Beaker No.11 – Wax

Beaker No.12 – Wax

මෙම උපකරණයේ ප්‍රධාන අරමුණ නම් සලකන ලබන පටකයෙන් ජලය ඉවත්කර, ඒ වෙනුවට සෛල තුලට පැර‍ෆින් ඉටි ඇතුලත් කිරීමයි ! එසේ කිරීමට හේතුව නම්,  නතහොත් ඉතා කුඩා කැපුමක් මගින් අන්වීක්ශීය විශ්ලේශනය සදහා පටක කොටසක් වෙන් කිරීමේදී එම පටක තුල වාත බුබුලු ඇතිවීම, පටකය ‍රැලි ගැසීම ආදී ගැටලු ‍රැසක් පැන නගී.

මෙම උපකරණය ක්‍රියා කරන ආකාරය කියල අද ලිපිය අවසන් කරන්නම් ,

මෙම උපකරණයේ ප්‍රධාන කාර්යය නම් පටක වලින් ජලය ඉවත් කර ජලය තිබිනු ස්ථාන වලට ඉටි ඇතුල් කිරීමයි.

මෙහි වහලය පහත පරිදි එසැවිය හැකිය.

 

20052010153

 

පහත පරිදි පටක ‍රැගත් කැසට් ඇතුලත් කරනු ලැබේ

 

20052010156

 

ඉහත රූපයේ පරිදි එසැවී, අංශක කිහිපයක් දක්ශිනාවර්තව කැ‍රැකී නැවත පහත් වේ (පලමු රූපයේ පිහි‍ටුමට පැමිනේ) ඒ අයුරින් පටක බීකරයෙන් බීකරයට ගමන් කරයි.

ප.ලි. පලමු බීකර 10 තුල චාරිකවෙන් පසු පටකය "උම්බලකඩයක" ස්වරූපයට පත් වේ!
ප.ප.ලි :- ඉතිරිය මීලග ලිපි වලින් කියන්නම්

පසු පස්සෙ ලිවීම :-  මම මගේ මුල් සටහන කඩුවෙන් සකසා ඇත් බැවින් මාගේම කඩු සටහන හෙලයට නැංවීමේදී යම් අපහසුතා මතු විය. ඒ පිලිබදව ගැත්තාට කමා වනු මැනැවි.

Tuesday, June 1, 2010

රුධිර ගනය පරික්ශා කිරීමට වඩා නිවැරදි ක්‍රමය

ඔන්න මතකනෙ රුධිර ගන පරික්ශාව ගැන කලින් දාපු ලිපිය? ඒකෙ තිබ්බෙ කදාවක් මත කරන ක්‍රමය ( Slide Test) ඒක ටිකක් නිරවද්‍යතාවය අඩු සහ අඩු කාලයකින් කරගත හැකි ඒකක්,

ඉරවද්‍යතාව අඩු වීමට හේතු
1. පියවි ඇසින් නිරික්ශණ ලබා ගන්නා නිසා
2.  Anti AB  භාවිතා නොවන නිසා

ප්‍රධාන හේතු තමා ඔය දාල තියෙන්නෙ, නමුත් මෙය වැරදි ක්‍රමයක් කියලා නම් කියන්න බෑ, මේකත් අනුමත ක්‍රමයක් තමා, මේ ක්‍රමයෙන් O- ( O Negative)  ආවහම මම අද කියන්න යන Tube Test එක කරල ඉතා නිවැරදිව ලබා ගන්නවා, නමුත් නියම ලෙස නම් කරන්න ඕනෙ  එක තමා, නමුත් ඒකට විවිධ බාධක තියෙනවා....

හරි මෙන්න කතාව, අද කතාව තමා Tube Test එක.

මේකෙ තියනවා Bllod Grouping  සහ Serum Grouping කියල දෙකක්,

Blood Grouping

මුලින්ම අපි අපිට එන රුධිර සාම්පලය කේන්ද්‍රාපසරණයට (centrifuge) ලක් කරනවා, එවිට රුධිර සෛල සහ මස්තු (serum)  වෙන් වීමක් සිදුවෙනවා, ස්ථර දෙකකට. ඉන්පසුව කුඩා පරික්ෂණ නලයකට මස්තු ටික වෙන් කරල අරගන්නවා,

එවිට  අර කේන්ද්‍රාපසරණයට ලක් කල නලයේ ඉතුරු වන්නෙ රුධිර සෛල ( අපිට අවෂ්‍ය වන්නෙ රක්තාණු පමණයි, එනිසා මින් මතුවට රක්තානු කියලම හදුන්වන්නම්..) එම රක්තානු 1:20 (රක්තාණු 1 ul:N. Saline 20ul)  අනුපාතයට සාමානය සේලයින් සමග තනුක කිරීමකට ලක් කරනවා, ඉන්පසුව නැවත කේන්ද්‍රාපසානයට ලක් කරනවා ( ඉහත 1:20 අනුපාතයට මිශ්‍ර කර කේන්ද්‍රාපසණයට ලක් කිරීම cell washing නම් වේ.) දැන් අර නලයේ පතුලේ ඔය රක්තාණු ටික පොදියක් ලෙස දැකගත හැක, දැන් උඩුගිය ද්‍රාවණය ඉවත් කර නැවත සේලයින් 20ක් එකතු කර ඉහත පරිදි සේදුම් ක්‍රියාවලිය තෙවතාවක් කරනු ලැබේ.(3 )

දැන් තවත් නල 4ක් ගෙන එක් එක් නලයට පිලිවලින් Anti –A, Anti AB, Anti- B සහ Anti D බිංදු දෙක බැගින් එක් කරගනු ලැබේ,

දැන් එම නල වලට පිලිවලින් අර සෝදා ගත් රක්තාණු වලින් බිංදුව බැගින් දමාගෙන යන්නයි තියෙන්නෙ, ඉන් පස්සෙ ඒ නල 4ම කේන්ද්‍රාපසරණයට ලක් කෙරෙනව, ඉන් පස්සෙ අන්වික්ෂයෙන් නිරික්ශනය කරනවා..

දැන් දමාපු Anti D එකෙන් බැලෙන්නෙ Rh සාධකය, ඒකෙ කැටි (clumps ) ඇති වෙනවානම්Rh+ ලෙස ද ඇතිවෙන්නෙ නැත්නම් Rh- ලෙස ද වර්ගීකරණය වෙනව

පහත වගුවේ පරිදි ඉතිරි රුධිර ගන සොයා ගනු ලබනවා. කැටි ඇතිවීම + ලෙසද කැටි ඇති නොවීම 0 ලෙසද සංකේතවත් වේ

Anti A

Anti AB

Anti B

A

+

+

0

B

0

+

+

AB

+

+

+

O

0

0

0

දැන් ඕකට දාගන්න පුලුවන් නෙ? බැරිනම් මගේ ඉහත ලිපිය කියවන්න (ප්‍රොෆ් ආන්සර් එක) ඒත් බැරිනම් කියන්නකෝ

Serum Grouping

අර මම ඉහත කිවුවනෙ සේරම් ටික වෙන් කරල ගන්නවා කියල අන්න ඒ ටික තමා දැන් සීන්ස් එකට එන්ටර් වෙන්නෙ, දැන් අපි තවත් පරික්ශණ නල 3ක් අරගෙන ( හිතා ගන්න පුලුවන් නේ ද මේ ක්‍රමය හැම එකටම නොකරන්නෙ මොකද කියල? හෆෝයි!) ඒවා  නම් කරගන්නවා Ac, Bc & Oc ලෙස, දැන් පිලිවලින් ඒවාට දානවා A සෛල B සෛල සහ O සෛල ( ඒ මොනවද කියල මේ ලිපිය ඉවර වෙලා කියන්නම්, මෙතන කිවුවොත් අච්චාරු සීන්ස් එකක් වෙයි වගේ...) 

ඉන් පස්සෙ ඔය නල තුනට දානව අර සේරම්, දැන් ඒවත් කේන්ද්‍රාපසාරකය හරහා ගත්තාම කැටි ඇතිවීම නොවීම මත වර්ග කරනවා.. හැබැයි වැඩේ රිවස් වෙන්නෙ, ඒ කියන්නෙ අනිත් පැත්තට, මෙන්න මෙහෙම

Ac

Bc

Oc

A

0

+

0

B

+

0

0

AB

0

0

0

O

+

+

0

මම කිවුවෙ? මේකෙදි ඉහත පරික්ශන දෙකෙහිම අධ්‍යනයන්ට වඩා වෙනස්! ඒක වුනේ කොහොමද කියල අපැහැදිලි නම් , මම ඒක කියල දුන්නා මෙන්න මේකෙන්

 

A සෛල B සෛල සහ O සෛල

අපි දන්න රුධිර සාම්පල ( කලින් රුධිර ගන හදුනා ගන්නා ලද) වලින් රක්තාණු ඉහත දක්වා ඇති සේදුම් ක්‍රමය මගින් වෙන් කර ගැනීමකට ලක් කරනවා, ඉන් පස්සෙ ඒවා යින් රක්තාණු වෙන් කරල ගත්තාම ඒවා ට තමයි ඔන්න ඔහොම කියන්නෙ
එනම්,

A ගනැති රුධිරයෙන් වෙන් කර ගත් රක්තානු = A සෛල

Bගනැති රුධිරයෙන් වෙන් කර ගත් රක්තානු = B සෛල

O ගනැති රුධිරයෙන් වෙන් කර ගත් රක්තානු = O සෛල

ලෙස , සරලයි (දැන් ඉතින් කිකිළියි බිත්තරෙයි ප්‍රශ්නය නම් අහන්න එපෝ...)

Monday, May 31, 2010

රුධිර ගනය පරික්ශනාත්මකව සොයා ගන්නේ කෙසේ ද? පරික්ශනයේ මූලධර්මය

 

මගේ කලින් ලිපියෙන් දැම්මා රුදිරය කොහොමද ශ්ලේශනය වෙන්නෙ කියල, දැන් ඒකම තමා මේ පරික්ෂනයට අරං තියන ද්‍රාවන වලින් කෙරෙන්නෙ, මේ ලිපිය ලියන එකේ වැඩක් තියනවද මංද, මොකද කලින් ලිපියෙ ඔක්කොම ෆැක්ට්ස් ටික තියනවනෙ,  කමක් නෑ, මටත් පෝස්ට් එකක් වැඩි වෙනවනෙ

හරි සිද්දිය උදාහරණයකින් විස්තර කරන්නම්, අපි හිතමු Aගනයේ දායකයෙක් B ගනයේ ප්‍රතිග්‍රාහකයෙක් ට රුධිරය දුන්නා කියලා,දන්නවනෙ ඉතිං වැඩේ ඩෙල් තමා කියල,  කොහොමද උනේ?A ගනයේ දායකයාගේ රක්තාණු වල තියෙන්නෙA ප්‍රතිදේහජනකය සහ ප්ලාස්මයේ තියෙන්නෙ b ප්‍රතිදේහය, B දායකයාගේ රක්තාණු වල තියෙන්නේ B ප්‍රතිදේහජනකය ( අදාල නැත) ප්ලාස්මාවේ තියෙන්නෙ aප්‍රතිදේහය

පාරවිලයනය සිදු කලාම දායක රුධිරය හා ප්‍රතිග්‍රාහක රුධිරය මිශ්‍ර වෙනවා නෙ, එතකොට ප්‍රතිග්‍රාහක රක්තානු, දායක ප්ලාස්මය හා මිශ්‍ර වෙනවා කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ, එතකොට කලින් ලිපියට අනුව, එකම වර්ගයේ ප්‍රතිදේහජනකය හා ප්‍රතිදේහය හමු වෙනවා, ඒ නිසා ප්‍රතිග්‍රාහක රුධිරය ශ්ලේශනය වෙනවා, ඕක තමා සිද්දිය,

දැන් අපි කරන්නෙ ඔය කෘතිම ද්‍රාවණ වලින් අර ප්‍රතිදේහ, අපිට පරික්ශා කරන්න ඕනෙ රුධිරය හා මිශ්‍ර වෙන්න සලස්වන එක,
එතකොට රුධිර කැටි සැදීම හෝ නොසෑදීම මත වර්ගීකරණය කරන එක තමා වෙන්නෙ, දැන් නම් බොහෝ දුරට වැටහෙන්න ඕනෙ

Anti – A කියල දාන්නෙ ප්ලාස්මාවේ තියන ප්‍රතිදේහය වන a  එක,  කැටි සැදුනොත් ඒ කියන්නෙ රක්තානු ආශ්‍රිතව A තියනවා, කැටි සැදුනෙ නැත්නම්, ඒ කියන්නෙ රක්තාණු ආශ්‍රිතව A නැහැ

අන්න ඒ වගේ......

මානව රුධිර ගන, ප්‍රති දේහ සහ ප්‍රතිදේහ ජනක

කලින් මම දාපු අර රුධිර ගනය දැන ගැනීමට කරන පරික්ෂනයට ආපු ප්‍රතිචාරයක් තිබුනා, මේ පරික්ෂනයේ මූලධර්මය ත් කියන්න කියල, ඒක තේරුම් ගන්න පහසු වෙන්න නම් රුධිර පාරවිලනයකදී රුධිරය කැටි ගැසෙන්නේ ඇයි කියන එක දැන ගන්න වෙනවා, එනිසා මම මේ ලිපියේ ඒ ගැන සදහනක් කරලම අර පරික්ෂනයේ මූලධර්මය කියන්නම්, මේක දන්නවා නම් මූලධර්මය වාක්‍ය දෙක තුනකින් කියන්න පුලුවන් ඒකයි, සහ මේකත් වැදගත් වෙයි කියල මම හිතනවා

මෙන්න කතාව

මිනිසාට (ABOවර්ගීකරණයට අනුව) රුධිර ගන 4කි

1. A

2. B

3. AB

4. O

මේවා තීරණය වෙන්නේ රතු රුධිරාණු ආශ්‍රිතව (රතු රුධිරාණු වල  ප්ලාස්ම පටලයේ) තියන ප්‍රතිදේහජනක මගිනි.( Antigen) එම ප්‍රතිදේහජක තීරණය වන්නේ අදාල ඇලීල පිහිටීම මගිනි ( සරලව ජාන කියමුකො, හැබැයි ඇලීලයයි ජානයයි කියන්නෙ දෙන්නෙක් හොදේ, දැනට මෙහෙම කියමු)

කොහොම හරි රක්තාණු ආශ්‍රිතව A ප්‍රතිදේහජනකය පිහිටයි නම් A රුධිර ගනයට ද

රක්තාණු ආශ්‍රිතව B ප්‍රතිදේහජනකය පිහිටයි නම් B රුධිර ගනයට ද

රක්තාණු ආශ්‍රිතව AB ප්‍රතිදේහජනකයපිහිටයි නම් AB රුධිර ගනයට ද

රක්තාණු ආශ්‍රිතව ප්‍රතිදේහජනක නැත්නම් O රුධිර ගනයටද අයත් වේ.

ප්‍රතිදේහජනක හා ප්‍රතිදේහ


ප්‍රතිදේහජනක රක්තාණු ආශ්‍රිතව පිහිටන අතර, ප්‍රතිදේහ රුධිර ප්ලාස්මාව ආශ්‍රිතව පිහිටයි.

රක්තාණු වල A හාB ප්‍රතිදේහජනක වලට අනුරූපව ප්ලාස්මාවේ a හා b ප්‍රතිදේහ පිහිටයි.

රක්තාණු වල පිහිටන ප්‍රතිදේහජනකය අයත් වන වර්ගයට සමාන ප්‍රතිදේහයක් කිසිවිටක ප්ලාස්මාවේ නොපිහිටයි!
උදා:- රක්තාණු වල තියෙන්නෙ A ප්‍රතිදේහජනකය නම්, ප්ලාස්මාවේ කිසිවිටෙක a ප්‍රතිදේහය තියෙන්න බෑ..

මෙන්න ඔක්කොම දාපු වගුවක් එහෙනම්

රුධිර ගනය                  ප්‍රතිදේහ ජනකය            ප්‍රතිදේහය

A                                  A                           ප්‍රති B / b

B                                  B                           ප්‍රති A / a

Ab                                AB                              -

O                                 -                          ප්‍රති AB / ab

රුධිර පාරවිලයනය

යම් පුද්ගලයෙක් ගෙන් තවත් කෙනෙක් ට රුධිරය දීම ට තමා මෙහෙම කියන්නෙ,

නොගැලපෙන රුධිර ගන දෙකක් මිශ්‍ර උනාම රුධිරය කැටිගැසේ, එය  රුධිර ශ්ලේශණය නම් වේ.

           ප්‍රතිග්‍රාහක-->

දායක

A B AB O
A N C N C
B C N N C
AB C C N C
O N N N N

N= ශ්ලේශනය නොවේ

C=ශ්ලේශනය වේ

දැන් පැහැදිලියි නෙ කොහොමද කැටිගැසෙන්නෙ කියල?

Saturday, May 29, 2010

හෙපටයිටිස් තියනවද කියල ලැබ් එකේ අය බලන්නෙ මෙන්න මෙහෙමයි

 

මේක කියවල නම් ඉතිං කියන්න එපා මේක මහ සීන් එකක් නෑ නෙ කියල, හැබැයි වැඩේ වෙන්නෙ මෙහෙමයි, සරලයි සුගමයි

ඔන්න දොස්තර ලියල දෙනව හෙපටයිටිස් B වලට රුධිර පරික්ශාව කරගෙන එන්න කියල, එතකොට අපේ ලෙඩා ලේ දීල එනව.

අපි පොඩි උපකරණයකට මේ ලෙඩාගෙ රුධිර මස්තු (serum) තමා භාවිතා කරන්නෙ, ඉතිං ඒ නිසා අපි රුධිර සාම්පලය කේන්ද්‍රාපසාරණයට (centrifuge) ලක් කරනව, එතකොට රුධිර සෛල සහ මස්තු වෙන් වෙනව ස්ථර දෙකකට (උඩින් එන ස්තරය මස්තු)

ඉන්පස්සෙ ලැබ් එකේ තියන "හෙපටිකාඩ්" කියන පොඩි කැසට් එක අරගෙන, ඒකෙ තියනව පොඩි ස්ථානයක් (සිදුරක්) රුධිර මස්තු ඇතුලත් කරන්න කියල. අන්න එතනට රෝගියාගේ රුධිර මස්තු බිංදුවක් දාල බලාගෙන ඉන්න තියෙන්නෙ, වෙන මුකුත් ද්‍රාවණ ඕනෙ නෑ, ඕන කරන ඔක්කොම මේකෙ තියනව

 

 18052010108edit ඔය ඊ හිසකින් තියන තැනට තමා මස්තු දාන්න ඕනෙ.

ඔය ඉහතින් තියෙන්නෙ පරීක්ශනය අතරතුර ගත්ත ඡායාරූපයක්, දැන් ඕකෙ ඔය කැසට් එකේ තියෙන සුදු කඩදාසිපටියක් වගේ කොටසෙ ඉහත පරිදි එක රතුපාට තිරස් රේඛාවක් පමණක් ආවොත් ඒ කියන්නෙ අපේ ලෙඩාට රොඉ එගය වැලැදිලා නෑ...

පහතින් දැක්වෙන්නෙ පරීක්ෂණය අවසානයේ ගත්ත ඡායාරූපයක්

18052010117

ලෙඩාට රෝගය තියනවානම් ඔය වගේ තවත් රතුපාට තිරස් රේඛාවක්, ඒ කියන්නෙ ඔක්කොම රේඛා දෙකක් එනව.

එතකොට ලැබ් එකෙන් Hepatitis B Positive ලෙස වාර්තාව නිකුත් කරනව

කේන්ද්‍රාපසාරකයේ ඡායාරූපයකුත් දැම්ම නම් හොදයි නේ ද? ඒක දැම්මෙ නැත්තෙ, එහෙම කලාම සමහරු කමෙන්ට් කරයි ද දන්නෙ නෑ " ඕව මෙහෙම දාන්නත් දේවල් ද?" කියල අනේ මංද

 

Friday, May 28, 2010

රුධිර ගනය පරික්ශනාත්මකව සොයා ගන්නේ කෙසේ ද?

 

රෝහලක දී රෝගියෙක් ට රුධිරය ලබා දීමට හෝ ලේ බැංකුවක රුධිරය තැන්පත් කිරිමට පෙර එම රුධිරය කුමන ගනයකට අයත් දැයි පිරික්සනු ලැබේ. එය පරික්ශනාත්මකව මෙසේ සිදුවේ. මෙම පරික්ශනයත් ක්‍රම දෙකකින් සිදුවේ.

1. අන්වීක්ශ කදාවක් මත හෝ විශේශයෙන් සැකසූ කාඩ්බෝඩ් කඩදාසියක් මත. (slide test)
2. පරික්ශණ නල කට්ටලයක් භාවිතයෙන් (tube Test)

( පරික්ශණ නල කට්ටලයක් භාවිතයෙන් කරන ආකාරය සවිස්තර බවින් යුක්තව, දීර්ඝ විස්තරකිරීමකින් තොරව දැමීමෙන් බහුතර පාඨකයන් ට නීරස වීමක් හෝ අපැහැදිලි බවින් යුක්ත තවත් එක් ලිපියක් පමනක් විය හැක. එනිසා සරල පරික්ෂනයක් වන අංක් 1 දක්වමි.)

මේ සදහා භාවිතා කරන ද්‍රාවණ 3ක් ඇත. ඒවා නම් කර ඇත්තේ Anti – A, Anti -B සහ Anti- D ලෙස ය. එම ද්‍රාවණ වල ඡායාරූප පහත දැක්වේ

 

18052010096   18052010097   18052010098

මෙම ද්‍රාවණ වල අන්තර්ගතය ගැන ඉතා කෙටියෙන් පැවසුවහොත්, රුධිර ප්ලාස්මාවේ ඇති ප්‍රති A හා ප්‍රති B  මෙම ද්‍රාවණ වල ප්ලිවලින් Anti A හා Anti B හි ඇත. Anti D, Rh සාධකය නීර්ණය පිණිස ය. (ප්‍රවේණියේ Rh සාධකය සදහා ඇති ඇලීලය දැක්වීමට D සංකේතය යොදයි, එම පාඩම සිහියට ගන්න….)

දැන් අපි පහත දැක්වෙන කඩදාසියේ නියමිත ස්ථාන වලට මෙම ද්‍රාවණ වලින් බිංදුව බැගින් දමා, 4 වෙනි ස්ථානයට, එනම් පාලකය ට (control test) රුධිරය වෙනුවට සේලයින් බිංදුවක් (N. Saline) එක් කරනු ලැබේ.

19052010138

ඉන්පසු පිපෙට්‍ටුවක් ආධාරයෙන් පිරික්සීමට අවශ්‍ය රුධිරය බිංදුවක් බැගින් නියමිත ස්ථාන 4ටම එක් කර හොදින් මිශ්‍ර කරනු ලැබේ. එවිට එක් එක් ස්ථාන වල ඇති රුධිර බිංදු වල සියුම් අක්‍රමවත් කැටි (clumps) සැදීම හෝ නොසෑදීම මත එම රුධිරය කුමන ගනයට ඇයත් දැයි නිගමනය කෙරේ.18052010092 edit

Anti A

Anti B

Anti D

Blood grupe

clumps

clumps

clumps

AB +

clumps

clumps

no clumps

AB-

clumps

no clumps

clumps

A+

Clumps

no clumps

no clumps

A-

no clumps

clumps clumps

B+

no clumps clumps no clumps

B-

no clumps no clumps clumps

O+

no clumps no clumps no clumps

O-

රුධිර කැටි සැදෙනවනම් Positive ලෙසද එසේ රුධිර කැටි නොසෑදේ නම් Negative  ලෙසද දෙනු ලැබේ.

ප.ලි. - බයෝ සීන්ස් වැඩිය නොදන්න අපේ ආටො සහ මැත්තො ඉන්න නිසා රුධිර ගන නොගැලපීම නිසා රුධිරය කැටි ගැසෙන්නෙ කොහොමද කියල මීළග ලිපියෙන් කියන්නම්.

ප.ප.ලි. - පරීක්ශනයේ මූලධර්මය ඕන කෙනෙක් ඉන්නවැයි?

Thursday, May 27, 2010

දොස්තරට බොරු කලත් ලැබ් එකට බොරු කරන්න බෑ.....

 

අද නම් කියන්න යන්නෙ වැඩි දෙනෙක් නොදන්න, එහෙත් නියම සිද්දියක්, අපේ සමහරු ඉන්නවනෙ බෙහෙත් බොන්න අකමැති/බය කස්ටිය (පොඩි ළමයි විතරක් නෙමේ හොදේ..මේ කියන්නෙ වැඩිහිටියො ගැන) විශේෂයෙන් ම බීමත්ව ඉන්න කැමති අය, මෙයාලගෙන් සමහරුන්ට තියනව නෙ ඔය, දියවැඩියාව වගේ ලෙඩ, දැන් මේව හැදුනම ඉතිං වෛද්‍යවරයා හමුවෙන්න යනවනෙ, ඉතිං පොර සිද්දිය තේරුම් අරං බෙහෙත් දීල කියනව, මේ බෙහෙත් හරියට අරගෙන වැඩේ පාලනය කරගන්න කියල, එහෙම කියල පොර දෙනව බෙහෙත් ඉවර වෙලා ආයෙ එන්න දිනයකුත්

දිනය එක්කම අලුතින් කරගන්න ටෙස්ට්ස් ටිකකුත් දෙනවනෙ ඉතිං.....

අපේ අයියල මොකද කරන්නෙ? බෙහෙත් ගන්නෙ නෑ, පෙර ලෙසම ඇල්කොහොල් ටික අරගෙන, ඇයි ඉතිං අල වගේද ගෝවා?

අර දොස්තර නියම කල දිනය ළං කරල බෙහෙත් ටික නියමිත් මාත්‍රාවටත් වැඩියෙන් අරගෙන ඉන්නව නෙ, ඊට පස්සෙ ශේප් එකේ අර පරික්ශණ ටිකත් කරගන්නව, ඉතිං වැඩේ නෝමල්! මෙන්න නියම කීකරු රෝගියෙක්.... අන්තිමට දොස්තර හිතාවි නෙ ලෙඩා කියපු ලෙසටම වැඩේ පාලනය කරගෙන කියල.....

දොස්තරල එච්චර මැට්ටො නෙමෙයි හොදේ...

ඉතිං දැන් දොස්තරත් නිකම් ඉන්නෙ නෑ, පොර මොකද කරන්නෙ Hb1c එකක් කරගෙන එන්න කියල ලෙඩාට  ලියල දෙනවා...
අපේ කීකරු ලෙඩා දන්නෙ නෑ නෙ ඔය සීන්.... මිනිහත් ඉතිං ෆන් එකේ ගිහින් ලේ ටිකක් දීල එනව,... ඔන්න දැන් ඔය ලේ ටික එනව EDTA ටියුබ් එකක දාල ලැබ් එකට.

ලැබ් එකේදි ඕක දානව පොඩි මැශිමකට, සිංහලෙන් කියනවනම් ඒක Biochemistry Analyzerඑකක්.

මේකෙන් ලෙඩාගෙ රතු රුධිරාණු වල තැන්පත් සංඝටක අධ්‍යනයක් කරන්නෙ. ඒකෙන් පසුගිය සති 8-12 ඇතුලත රුධිරයේ සාමාන්‍ය ගිලූකෝස් ව්‍යාප්තිය දැනගන්න පුලුවන්, මේකෙන් අධ්‍යනය කරන්නෙ රක්තාණු වල තියෙන ග්ලයිකොසිලේටඩ් හීමොග්ලොබින් කියන සංඝටකයයි. (බොහෝ දෙනාගේ තේරුම් ගැනීමේ පහසුව තකා මෙසේ ලියමි. වැඩිදුර විස්තර ඇවැසි කෙනෙක් ඇත්නම් කරුණාකර කොමෙන්ටයක් මගින් විමසන්න) පහත ඡායාරූපයෙන් දැක්වෙන්නෙ ඔය වැඩේ කරන යන්ත්‍රය.

 

21052010204crop

මෙකෙන් ඉතිං අපේ කීකරු ලෙඩාගෙ වැඩකිඩ මාට්‍ටු වෙනව හොදේ... මෙයා ලේ ටික බලල ප්‍රස්තාරයක් එක්කම රිපොර්ට් එක දෙනව මෙන්න මෙහෙම 

21052010203

ප්‍රශ්න මුකුත් තියනවානම් අහන්න එහෙනම්

Saturday, April 24, 2010

mp3srilanka.com එකෙන් සිංදු බාගැනීමට ක්‍රමයක්

මම මේ දෙන ලින්ක් එකෙන් කෙලින්ම මේ සයිට් එකේ අන්තර්ගත සම්පූර්ණ ගීත ලැයිස්තුව වෙත ඔබ ගෙනයාවි. එයින් අව්ශ්‍ය ගීතයවෙත යන්න, ඉන්පසු right click  කර Save Video as  ලෙස දෙන්න,

ගීතය ලැබේවි, ඉවසන්න

http://mp3srilanka.com/files/

සිංහල ගීත 01

 

http://www.4shared.com/dir/37859328/ac4e3f82/sinhala_free__mp3.html

රෝයල් ආයුබොවන්!?

අදත් ඉතිං අපේ ඉස්කෝලෙදි වෙච්ච සිද්දියක් තමයි, මේ සීන් එක වුනේ මම ඒ.ලෙවල් කරන දවස් වල, අද කතාවේ නායකයාත් ගුරුවරයෙක් තමා, හැබැයි අද සිදුවීම නම් ලේ පිරිසිදු වන එකක්!

අපේ ඉස්කෝලෙ හිටිය මැජික් සෙක්ශන් එක් හිටිය ටිකක් නිවිච්ච පහේ පොරක්,  කෙම තමා සබ්ජෙක්ට් එක, ඉතිහාසයට අනුව පොර කලින් ඉදල තියෙන්නෙ රාජකීයෙ. ඒ ඉතිහාසය නෙ, දැන් එහෙම නෙමේ නෙ.... ඒක ටිකක් අමතක වෙලා වගේ...

අපේ මොකක් හරි වැ‍රැද්දක් දැක්කොත්..... ඔන්න පටන් ගත්ත (අපිට මතක හැටියට පොර රාජකීයෙ ඉදල තියෙන්නෙ මීට වසර ඉලක්කම් දෙකේ ගානකට පෙර)

"මම රාජකීය විද්‍යාලයෙ ඉන්නකොට නම් ඔහොම නෑ... රෝයල් එකේ ළමයි නං ඔහොම කරන්නෙ නෑ.... ඔන්න දවසක් මම යනව කොරිඩොර් එකෙ ඇවිදගෙන, ඔන්න එක පංතියක් ළගින් යද්දි කිසිම හැල හොල්මනක් නෑ... හරිම නිශ්ශබ්දයි, මමත් ඉතිං පංතියට එබිල බැලුව කවුද ඉන්න ටීචර් කියල බලන්න, ටීචර් එදා ඇබ්සන්ට්, ළමයි නිශ්ශබ්දව පාඩම් කරනවා.. ඒකට ඔයාල......"

ඔන්න ඕකම තමයි මේ සර් ගෙ කටේම තියෙන්නෙ, හැමදාම එකම කතාව රීමික්ස් කරල කියන්නෙ.

ඔන්න දවසක් අපිව ඔඩිටෝරියම් එකේ දාල මොකක් හරි ‍රැස්වීමක් වගේ එකක් තිබ්බ, ‍රැස්වීම අතරතුර කොහෙන් හරි ආව පොඩි සද්දයක්, කට්ටිය කතා කරන්න  පටන් ගෙනද කොහෙද,

ඔන්න ඉතිං මේ සර් පටං ගත්ත ආර්.සී. වන්දනාව, ඔය අතරෙදි එයා ආචාර ධර්ම ගැනත් පටන් ගත්ත, ගාථාව පටන් ගත්තම තවත් චූට්ටක් සද්දෙ වැඩි උනා කියන්න ඕනෙ නෑ නෙ අමුතුවෙන්?

ඔන්න ආචාර ධර්ම...
"ඔයාල දන්නවද දන්නෙ නෑ රාජකීය විද්‍යාලයෙ තියනවා සම්ප්‍රදයක්.. කවුරු හරි ගුරුවරයෙක් ව ඉස්සරහට මුණගහුනම නැගිටල අත් දෙක මෙහෙම කරල "ආයුබෝවන් " කියල කියනව, දැන් අපේ ළමයින්ගෙ එහෙම නෑ නෙ?, දැන් මම උදාහරණයක් කියන්නම් මම මේ ළගකදි ජුබිලි කණුව හංදියේ බස් හෝල්ට් එකක ඉන්නකොට එකපාරටම ආව  හොද කාර් එකක්, ඒකෙ හිටියෙ මගේ පරණ ගෝලයෙක්, රෝයල් එකේ, මම අදුන ගත්තෙ නෑ.... ඒත් මෙයා මාව අදුනගෙන, නැගිටල මට  "ආයුබොවන්" කීවුවා... එතකොටයි මාත් අදුන ගත්තෙ මෙයා රෝයල් එකේ හිටපු එක්කෙනෙක් වෙන්න් ඇති කියල......"

හෙ හෙ එච්චරයි කියන්න ඉඩ ලැබුනෙ, කස්ටිය බඩවල් අල්ලගෙන හිනා වෙන්න ගත්ත, ඔන්න ඉතිං වෙදිකාවෙ හිටපු අනිත් ගුරුවරුන්ට ඉතිං වැඩේ මීටර් උනා, හිනා වෙන්නත් බෑ.... හිනාව තදකරගෙන අමාරුවෙන් හිටිය ඉතිං, ඒක දැකල අපිට තවත් හිනා....

ටික වේලාවකට පසු.....

"හරි හරි ඉතිං... වරදිනව තමා... දැන් නිශ්ශබ්ද වෙන්න...!"

Friday, April 23, 2010

ඇයි මගේ නම අර ලැයිස්තුවේ තිබ්බෙ

ඔන්න කලින් ලිපියෙ මගේ නම අර ලිස්ට් එකට යන්න හේතුව මේ ලිපියෙන් කියන්න යන්නෙ, මම ඉතිං වෙච්ච සිද්දිය කියනවා මිසක්ක මම පොර වෙන්න වත් නෙමේ ඉතිං, එහෙම හිතන එක අසාධාරණයි නෙ,

අම්මෝ ඇඩ් මරුව! ඔය කතාව කියවගෙන යද්දි චුට්ටක් හොද නිරීක්ශන හැකියාව තියනවනම් එක ඇඩ් එකක් අල්ල ගන්න තිබ්බ,

හරි මෙන්න මේකයි සිද්දිය, කලින් කීවුවනෙ, අපේ කතා නායක පොරට නහරයක් වැඩියි කියල, මෙයාට  තිබ්බ තව ලෙඩ ගොඩක්( එකක් නෙමේ ලෙඩ වාට්‍ටුවක්)

එකක් තමයි මෙයා කියන එක ඒ ලෙසටම ඕනෙ, ලෝකෙ ඉන්න එකම හරි පොර එයා,එයාගෙ මතේ තමයි හරිම මතේ(මිනිහ මතෙන් ඉන්න වෙලාවල් නම් දැකල නෑ)

ඔන්න පොර අපිට උගන්වන්නෙ විජ්ජාව, මෙයා වැඩියෙන් කරන්නෙ ඉතිං සටහන කියවන එක තමයි, මගේ පුරුද්දක් තිබ්බ පොරට දිරවන්නෙ නැති, ඒක නිසා කොහොමත් මා එක්ක ටිකක් අමනාපයක් අවුරුද්ද මුලදිම නියමෙට ගොඩනැගුන මට හිතෙන්නෙ,

මේකයි මගේ පුරුද්ද, ම්ම කිසිම විශයයක සටහන් ගුරුතුමා හෝ ගුරුතුමිය කියවන එකම ලියන්නෙ නෑ.. මම ලියන්නෙ මට ඕන එක, ඒ කියන්නෙ මම මගේ වචනයෙන් ගුරුවරයා කියවන සටහන ලියන්නෙ, හැබැයි ඉතිං කවදාවත් කිසිම විශයයක ගුරුවරයෙක් මට ඒ සම්බන්ධව දොස් නගල නෑ(පොර හැර) මොකද මගේ වැඩෙන් අර ගුරුවරයා කියවන සටහනේ අර්ථය වෙනස් වෙන්නෙ නෑ, විකෘති වෙන්නෙ නෑ.... හැබැයි එයාගෙ වචන මගේ පොතේ නෑ....මගේ පොතේ මගේ වචන, ඇගේ හෝ ඔහුගේ අදහස... එච්චරයි
ඔන්න ඕක දවසක් මාට්‍ටු වෙලා....

"තමුසෙ මෙතන තමුසෙගෙ නෝට් එකද මගේ නෝට් එකද මිනිහෝ ලියන්නෙ? මම කියන එක ලියා ගන්නවා නැත්නම් යනවා යන්න රයිට්?"

ඔන්න ඉතින් ඔහොම තමා...

ඔය වගේ ඉතිං මගේ සමහර වැඩ පොරට දිරෙවුවෙ නෑ.....

අහ් තව තිබ්බ මගේ වැඩක්, මට තිබ්බනෙ යකාගෙ ප්‍රශ්න! ඒක වෙන ලිපියකින් කියන්නම්.

පාසලේ එකදු කාලපරිච්චේදයක වත් වැඩ නොකර එක දිගට සතියක්! රෙකොර්ඩ් එක තිබ්බෙ අපි මල්ලි!

ජංජාලයේ ඉබාගාතේ යනකොට කතන්දර අයියාගෙ අඩවියේ තිබ්බ ලිපියක් කියවනකොට මටත් මතක් උනා අපේ ඉස්කෝලෙත් හිටපු සෑර් කෙනෙක්.

මෙන්න මේකයි සිද්දිය

පොරත් අපේ විජ්ජාලෙ හෙන ප්‍රසිද්ධ පොරක් (නහරයක් වැඩී ය කියල) අපේ පංතිය 9H එහා පංතිය 9G.කරුමෙට හෝ වාසනාවට පොර තමා අපේ පංති භාර!

අපේ පංතියයි එකයි වෙන් වෙන්නෙ එක බිත්තියකින්, පංති දෙකම තිබ්බෙ ගොඩනැගිල්ලෙ පළමු මහලෙ,  පංති දෙක වෙන් කරන බිත්තියෙ මුදුන සහ ගොඩනෙගිල්ලෙ වහල අතර තිබ්බ තුංහුලස් යකඩ දැලක්. ඔන්න දවසක් අපේ පංති දෙකටම අළුතෙන් පත් වුණු කඩු සටන් ගුරුවරු දෙන්නක් ලැබුන, අපිට ගුරුතුමියක් 9G එකට ගුරුතුමෙක්. පංති දෙකේම අඩු සහ වැඩි නැතිව එකතැන එක විදියට ඉන්න බැරි අපි වගේ අය පුරවල හිටියයි කියමුකො දන්නවනෙ ඉතිං අළුතෙන් එන ගුරුවරුන්ට (විස්ස විජ්ජාලෙන් දැවුණු ගමන් එන අයට) පිරිමි පාසල් වලදි වෙන දේ?? අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ?

ඔන්න දවසක් එහා පංතියට කඩ්ඩ අපේ පංතියට නිදහස් විනාඩි 40ක්! අපිත් ඉතින් නිශ්ශබ්දව ඉන්නවාය? වෝර්නින්ග්ස් දෙක තුනක් ආව, අපිත් ඉතින් ඒ ලෙසම හිටිය, ටික වෙලාවකින් මෙන්න එහා පංතියෙන් අර දැල අස්සෙන් එනව කිටි කිටියට ගුලි කරපු කොලගුලි!

එහා පංතියේ පොරවල් පංතියේ ගුරුතුමා හිටියත් අපිට කොළගුලි ගහනව! මොකෝ එයාට පේන්නෙ නෑ නෙ හෙ හෙ, මොකද පොර කළු ලෑල්ලෙ රචනාවක් ලියනවද කොහෙද! ?

දැන් මොකෝ කරන්නෙ? අපිට පුලුවන්ද ආයේ අපේ පැත්තෙන්  රිටන් එක දෙන්න ? බෑනෙ? අපිත් ඔහේ ගනන් ගන්නෙ නැතිව හිටිය, මෙන්න අරුං ගෙ ඒම් එක වැරදිලා දැලේ වැදුණු කොලගුලි සර් ගෙ ඔලුවටත් වැදිල!

ක්‍රිමිනල් ඔෆෙන්ස්!

පැමිණිල්ල ගියා ඉහලට! දැන් ලස්සන වැඩේ කියන්නෙ එහා පංතියේ හිටපු ගල් ආදා ලයින් එක ප්‍රගුණ කල එකෙක් ගුරු මේසය උඩින් උන්ගෙම ඇමෝ තියල කියපි "සෑර් මෙන්න එහා පංතියෙන් තමා ගැහුවෙ මේ තියෙන්නෙ...."

අනේ අපේ අවාසනාව! සෑර්ට පිටිපස්සට ඇස් නෑ නෙ? අපි මාට්‍ටු! අපිට කොහෙන්ද එවිඩන්ස්? අපේ පැත්තෙත් කොලගුලි එහා පැත්තෙත් උන්ගෙ කොලගුලි....

ඔන්න ආව අපේ ගුරුතුමා...
" කවුද එහා පංතියේ සර් උගන්න උගන්න ඉන්දෙද්දි කොලගුලි වලින් ගහුවෙ?" (ඒ වාක්‍යයේ අගට නම් "රයිට් " තිබ්බෙ නැද්ද කොහෙද)

අපිට කට උත්තර නැත. කට ඇරල කෙලින්ම “අපි ගහුවෙ නෑ සර්…” කියන්නත් බැරිය, එයා පිලිගන්නෙ නෑ නෙ, අනික මෙයා එක්ක අපිට නෙමේ කිසිම ගුරුවරයෙක්ට වත් කට ගහන්න බෑ.

"මම ආයෙ අහන්නෙ නෑ රයිට්? කවුද මිනිහෝ කොලගුලි ගැහුවෙ?" (අප ගුරුතුමාගේ මුඛයෙන් ගලා ආ වදන් එලෙසම දැමීම සදාචාරාත්මක නොවේ. මා විසින් කපා හරින ලදී)

ම්..හ් උත්තරයක් නැත. දෙන්න උත්තරයක් ද නැත.

"උඹල දන්නවනෙ මට ඕන තරම් සාක්ෂි තියනව උඹල තමයි මේ වැඩේ කලේ, අද ඉස්කෝ ලෙ ඇරෙන්න කලින් මට උඹල කියන්න ඕනෙ කවුද මේක කලේ කියල රයිට්?."

අපිත් ඉතිං ඔහේ සිටියෙමු,එහා පංතියේද පාවාදෙන්නෝ නැතිවා වාගෙයි

අන්තිම මොහොතේ පොර පැමිණියේය, "රයිට් දැන් උඹලගෙන් උත්තරයක් නෑනෙ? හෙට මම උඹලව අල්ලගන්නම් හැම එකාවම"

දැන් ම්කෝ කොරන්නෙ? හැමෝටම පොදු ගැටළුව, ගෙදර ගිහින් කියන්නද? බෑ නෙ? කට් එකක් දාන්නද? ඒත් බෑනෙ, ඕන මගුලක් කියල කට්ටියම ඉස්කෝලෙ ආව ඊළග දවසෙත්,  බුදුන් වැදල පන්සිල් අරං ඉවරයි, ඒත් පංතිය වහල!

ඕඩර් එකක් ආවේය, ආපු විදිය කියන්න බැරිය, පොතුත් අරං අව්වේ හිටගෙන ඉන්න සෙට් විය! ඉදගන්න තිබ්බෙ බිම තමයි, හෙවනට අහස! පීරියඩ් අටම අව්වෙ හිටගෙන! එකදිගට දවස් 5ක් (සතියක් නෙ ඉතිං) සර්ට සහ එහා පංතියේ එවුන්ට බැන බැන(ඒ කාලෙ අපි 9 නෙ ඒකයි ;) .) දවස් පහම හිටගෙන සිටියෙමු.

ඔන්න නොකළ වරදකට වින්ද දඩුවම්!

ඕක නම් බැරිය, හැම එකාවම පෝලිමට සර් ඉන්න පංතියකට ගෙන්නුවේය. හැම එකාටම වේවැල් පාරක් හෝ කම්මුල් පාරක් චටාස් ගා තිළිණ කර "කියපිය කවුද ඕක කලේ?" කියා  ගොරනාඩුව නම් නැවැත්තුවේම නෑ..

අන්තිමට පංතියේ පොර සැක කරපු ලිස්ට් එකක් වෙනම ගෙන්නුවේ ය. කරුමේ කරුමේ ගැහුව කියහල්ලකො හිගන්නාගෙ පාත්තරේට අකුණක්! ලිස්ට් එකේ අගට මගේ නමත්, "****** මෙහෙ වරෙන් " මගේ කණ්නාඩිය පොරම ගැලෙව්වේය.

එච්චරයි දැක්කෙ, කොහෙන්ද සද්දයක් ආව "චටස් පටස්" මගේ මූන දෙපසට දෝලනය විය.

ප.ලි.

ඉතිං වැ‍රැද්දක් නොකර වැ‍රැද්දක් පිලිගන්න බෑනෙ? සතියක් එළියෙ හිටගෙන ඉදල එයාටම එපා වෙලා අපිව ගත්ත ඇතුලට. අපේ බැචෙක් පාසල් ජීවිතයේ එකම ගුටි වැළදීම කලෙත් එදා...

ප.ප.ලි.

ඇයි මගේ නම අර ලැයිස්තුවේ තිබ්බෙ? ළගදීම.....

Thursday, April 22, 2010

උසස් පෙළ සහ කම්මැලිකම

"බැලූ බැල්මටම ටිකක් සැර ටොක්ස් පාරකට වගේ මිනිහ එන්නෙ"

මම සාපෙ යන්තම් පදං සදං ගෙන උපෙ ට බැහැල උපෙ මරල දැන් පෙර පිනකට හෝ පවකට සිරිලාංකික ශිශුවන්ට ආවේනික උසස් පෙළ ගන්ධබ්බ කාලය ගතකරමින් සිටිමි (කාලය ගතකරමින් නොව කාලය මරමින්)

උසස් පෙළ කාලය කියන්නෙ ඉතින් පාසල් ජීවිතයේ  ජොලි බරම කාළය කියන එක ඉතිං අමුතු දෙයක් නෙමේ නෙ, සාමාන්‍යයෙන් බහුජන මතයට අනුව ශාන්ත දාන්ත තීන්ත කුප්පි ඉන්න ඕනෙ යැයි සැලකූ පංතියක 1/සිල්වත් පොරවල් ලෙස අපි සිටියෙමු. උසස් පෙළ නිමාවුණු වහාම සුපුරුදු පුරුදු පරිදි පංතිය කෑලි කැඩී බිදී ගියේය. (එනම් දැන් එදා මෙන් කස්ටිය හමු නොවන නිසාය)

"එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ" කියන්නාක් මෙන් එදා පිස්සු කෙලිය නිසා මෙදා නිකං ඉන්න බැරිය,පිස්සුවක් කෙලින්නමයි හිත

ඔන්න ඔහොම කොහොම කොහොම හරි උපෙ ඉවර වෙලා මම ජංජාලගත උනා, ඒක එසේ මෙසේ ජංජාල ගතවීමක් නෙමී, උපෙ පාඩම් කළ +ඉස්කෝලෙ ගිය සහ ටියුශන් ගිය මුලු කාළයම දැන් ජංජාලයේ තමයි,
ඔන්න ඔහොම බුකියෙ තාප්පයක තිබිල සෙන්ටිමෙන්ටල් උනා නියම ටොක්ස් පාරක් මෙන්න බලන්නකො ඒකෙත් හැටි?

 

24119_1359588270485_1254887075_31050889_1040339_n

Using SLT’s Router with Our Router

මල ජංජාලයයි නෙ? ගියපාර ලිපියෙන් වැඩේ කරන හැටි සහ වැඩේ දැන් පේන හැටි පිංතූරයකින් දැම්මත් ක්‍රමේ කියන්න මතක නැති වුනා, ඔන්න අද ඒක කියන්නම්, වැඩේ හරිම සරලයි

මුලින්ම තමන්ගෙ Router එකෙ DHCP Disable  කරගන්න, ඉන් පස්සෙ කරන්න

අපේ Router එකේ IP එක මාරු කරගන්න (default IP=192.168.1.1) 192.168.2.1 ලෙස.

එච්චරයි දැන්save  කරල Reboot කරන්න.

[දැන් හැබයි ඔබේ Router එකට ඇතුලු වෙන්න නම් Address Bar එකේ 192.168.2.1 කියල ටයිප් කලාට බෑ හැබැයි, ඒකට නම් තමන් ගෙ PC එකෙ IP එක මාරු කරන්න වේ වි එතකොට හරි]

Wednesday, April 21, 2010

Configuring a Router to Peo Tv and ADSL

ඔන්න ඉතිං මට වෙච්ච ඇබැද්දියක් තමා මේ, ඔන්න ඉතින් මීට අවුරුද්දකට කලින් නිකම් දෙන නිසා Peo Tv එකක් ගත්ත මාත් ( අපිටත් ඉතිං නිකම් දෙනවනම් කැති පාරක් උනත් හා නෙ) SLT එකෙන් දුන්න චීනෙ හදපු ඉටිගෙඩියක් UTSTARCOM UT 304R2 කියන 4 port Router + ADSL MODEM  එකක් එයාල හයිකොරල ගියා ගියාමයි කොහොමද කලේ කියල වත් මම දන්නෙ නෑ, එයාලට පිං සිද්ධ වෙන්න ගෙදර හතර අතේ වයර්, ඔන්න ඉතින්  ගිය මාසෙ ලාබට ලැබුන නිසා ගත්ත මාත් D-Link DSL 2640T වෑර්ලස් Router  එකක්

දැන් ඉතිං මාත් මේක එච්චර වැඩක් නෙමේ නෙ කියල ගෙනැල්ල අර UTSTARCOM එකට මේක ගහල දන්න කියන සෙල්ලම් ඔක්කොම දාල බැලුව Wi-FI  ගන්න, මල ජංලාල ගොඩක් විදල කොහොම කොහොම හරි හදා ගත්ත ඉතිං, මෙන්න මේහෙමයි හදන්නෙ

මුලින්ම තනි එකකින් කොහොමද සහ ගන්නෙ,ක්‍රමය මේකයි හැම Router එකෙන් Router  එකට UI එක තමා පොඩ්ඩක් වෙනස් වෙන්නෙ

මුලින්ම ඇඩ්මින් පැනල් එකට ලොග් වෙන්න වැඩේ මෙහෙමයි, Browser එකෙ Address Bar එකේ 192.188.1.1 කියල ටයිප් කරල එන්ටොර් කොරන්න.එතකොට Username එකකුයි password  එකකුයි ඉල්ලනව, ඒකට තමන් ගෙ Router එකේ Default USN and PW එක දෙන්න වේවි. (D-Link - USN= admin, PW= admin,) කවුරු හරි ඔය දෙකම දන්නෙ නැත්නම් තමන් ගෙ Router එකේ Model එක කියල ගුගල් කරන්න.

මුලින්ම PPPoe  වලට Router  එක Config. කරගන්න ( ADSL VPI = 8 , VCI =35)

දැන් අපි Peo Tv හදන්න යන්නෙ

admin panel එකට ගිහිල්ලා wan setup කරන තැනට යන්න.

1st 

ඊට පස්සේ add-new කරන්න. 
ඊට පස්සේ  VPI = 8 , VCI =36  සහ service category  එකට “UBR without PCR” යන settings දෙන්න.

2nd-300x94

 

ඊට පස්සේ network protocol එකටයි encapsulation mode එකටයි පිලිවෙලට Bridging හා LLC/SNAP යන settings දෙන්න.

3rd-300x53 හරි දැන් connection එක හදලා ඉවරයි (මතක ඇතුව  apply කරන්න :P)

 

දැන් ඔන්න හරි, දැන් දන්නවනෙ ඉතිං අපේ Router  එක දැන්  ADSL එකයි Peo Tv එකේ 5Mbps ද කොහෙද වන connections  දෙකක්  පවත්වාගෙන යනව කියල? (Multiple LAN interfaces )

දැන් ඒ කියන්නෙ 4 port router එකක් නම් ADSL මොන මොන ports වලින්ද දෙන්නෙ Peo Tvමොන මොන ports වලින්ද දෙන්නෙ කියල අපිට වෙන වෙනව group හදල දාන්න පුලුවන් ( Port Mapping )

මුලින්ම virtual ports enable කර ගන්න.දැනටමත් ADSL connection එක තියෙන නිසා එක group එකක් තියෙයි. දැන් අලුත් එකක් හදන්න IPTV වලට. ඊට පස්සෙ අදාල connection එකයි ඒ එක අවශෂ port එකයි එකම group එකකට දාගන්න

4th-300x119

දැන් වැඩේ හරි දැන් මම ඔය කිවුවෙ එයාලගෙ UTSTARCOM එක අපේ අතින් අල වුනොත් මොකෝ කොරන්නෙ කියල, නමුත් තමන්ගෙම router එකක් වුනත් ක්‍රමේ ඕක තමා,  එක තියනවනම්  ඉතින් Wireless settings  වලට ගිහින් Encryption  එකක් දාන්න අමතක කරන්න එපා (නැත්නම් ඉතිං ADSL වෙස්සන්තර සීන් එකක් තමයි මම වගේ එකෙක් ළග පාත ගෙදරක හිටියනම් ඉතිං දන්නවනෙ හෙ හෙ, ඔයාගෙ router එකෙ වතුර උණු කරන්නත් පුලුවන් වේවි)

 

හරි ඒක ඉවරයි හැබැයි මගේ අදහස නම් දැන් ඔබ ඔබේ Wireless router එකක් භාවිතා කරන්න යනවනම් ඉතිං හොදව වැඩේ තමයි ඔයාගෙ router එක UTSTARCOM එකට ප්ලග් කරන එක  LAN CABLE එකකින්. මොකද Peo Tv +ADSL + Wi-Fi  ඔය ඔක්කොම ආවොත් ඉතිං සමහර විට එක පමනට වඩා රත් වෙන්න පුලුවන්, (wi-fiවලින් connect  කරල හොද හොද ටොරන්ට්ස් දෙක තුනක් දාන්නකො බලන්න හෙ හෙ)

ඒ නිසා හොදම දේ මම වගේ එයාලගෙ UTSTARCOM  එකයි වෙනම තවත් Router එකකුයි භාවිතා කරන එක තමා මේ තියෙන්නෙ මගේ සිස්ටම්ස් එක

 

 

23830_1405899948248_1254887075_31165715_5808500_n

කඩුව අංක දෙක

ජංජාලෙ ඔහේ ඉබාගාතේ යනකොට කතන්දර අයියාගෙ බ්ලොග් එකේ දි තම මේ හිනා යන සීන් එක නම් වුනේ,
දන්නවනෙ ඉතින් අපි වගේ නෙමේනෙ, කෙල්ලො සමහරු ඇඩ් එකටත් එක්ක කඩුවෙන් ම නෙ, ;) මේකත් එහෙම එක්කෙනෙක් ගැන තමා

කතාව කෙටියෙන් මෙහෙමයි

ඔන්න දවසක් මෙයා බේකරියකට ගොඩස් වුනාස් ලු., මෙයා මුදලාලි එක්ක මෙහෙම සිංකඩුවෙන් පටන් ගත්ත ලු

කෙල්ලඃ මුදලාලි, බන්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!

කෙල්ලඃ මුදලාලි, පාන්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!

කෙල්ලඃ මුදලාලි, බෑග්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!

කෙල්ලඃ මුදලාලි, බන්ස් දෙකකුයි, පාන්ස් එකකුයි, බෑග්ස් එකක දාල දෙනවද?

(හුදෙක් කොපි කිරීමක් නොව හිනාව බෙදා ගැනීමක් පමණි, එබැවින් මා අදහස ගත් ස්ථානය ඉහත දක්වන ලදී.)

කඩු මැරීම

ඔන්න ඉතින් අලුත් වැඩක් තමයි මේකත්. කාලෙකට පස්සෙ තමයි මෙ බ්ලොග් එකට පොස්ට් එකක් ලියන්නෙ, එක එක වැඩ වැඩ නිසා ඉතිං මේක මතක් වෙන්නෙත් නෑ නෙ.

ජංජාලෙ ඇස හැරුණු හැරුණු අතේ ඇවිද ඇවිද ඉන්නෙකොට මතක් වුනා එක්තරා ටියුශන් පංතියක් වෙච්ච දෙයක්. හරි හරි ඉන්න කතා දෙකම කියන්නම්

මෙන්න මේකයි මගේ අද්දැකීම

මම ඉතිං ඒ ලෙවල් වලට එක විශයකට ගියා එක්තරා ටියුශන් පංතියකට, මේකෙ අපෙ ඉස්කොලෙ අපෙ පංතියේම යාලුවොත් හිටිය, ඔය අතරෙ හිටිය හැම කොල්ලටම වගේ නෝටිස් වෙච්ච ප්‍රොමිනන්ට් කඩු මරන කෙල්ලෙක්. කතාව කඩුවෙන් පමණයි, අපි ඉතින් වැඩි බජනයක් නෑ මොකෝ ඉතිං ළගින් යන්න බෑනෙ තුවාල වුනොත් කාට කියන්නද?? ඔන්න ඉතින් මෙයා සම්බන්ධ වැඩක් තමා මේ,(වැඩි විස්තර කියන්න බෑ ගුටි කන්න වෙන්නෙ මගේ හොදම යාළුවෙක් ගෙන්, දන්නවනෙ ඉතිං..) ප්‍රසිද්ධ වේදිකාවේ සිංහල වැ‍රැද්දවීමක් තමා මේ

ඔන්න ඉතින් අපේ පංතියේ අන්තිම දවසත් ආව, අපි දැම්ම පාටියක්, දැන් මෙන්න කොල්ලො කෙල්ලො දෙපැත්තට වෙලා තරගෙට සිංදු මරනවා, අපේ කථා නායිකාව ඉතිං අපේ යාලුවෙක් එක්ක අනිමිස ලෝචනයක්, (හෙ හෙ අපිටත් නිකම් ඉන්න බැරිකමට ඉතින් බයිට දුන්නා ) ඔන්න දැන් කොල්ලොන්ගෙ පැත්තෙන් දිගට හරහට සිංදු ගලා එනව, ඔන්න ගෑනු ළමයි හිර වෙලා.....

මෙන්න එකපාරටම අර අනිමිසය ඉවර වෙලාද කොහෙද කොහෙන්ද කඩා පාත් වෙලා මෙයා සිංදුවක් පටන් ගත්ත මෙහෙම

"කාක්ක මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා"

ඔන්න ඉතිං අමුතුවෙන් කියන්නෙ ඕනෙ නෑ නෙ? කට්ටිය බඩවල් අල්ලගෙන හිනාව, ඒ අතරෙ මෙයා මෙන්න තවත් අහනව

" ඇයි මොකද හිනා වෙන්නෙ? ජිප්සීස් ලගෙ සොන්ග් එකක් තියෙන්නෙ අහල නැද්ද?"

තවත් කඩ්ඩ මැරීමක් බලාපොරොත්තු වන්න

Friday, February 26, 2010

ImgBurn 2.5.0.0 – Nero වෙනුවට Nero ට වඩා වෙනත් යමක්

ඔන්න තවත් මෘදුකාංගයක්, අපි සාමාන්‍යයෙන් CD Burn කරන්න ගන්නෙ Nero නෙ,මේක Nero ට වඩා වෙනස්, එහෙත් Nero ට වඩා වැඩියමක් තියන එකක්, CD එක තත්වයෙන් උසස් උනත් සමහර වෙලාවට ටික කාලෙකින් CD තැටිය භාවිතයට ගත නොහැකි තත්වයකට පත් වෙනව, ඒක මග හරින්න හොද පිලියමක් තමා මේ මෘදුකාංගය.

පහත ඇති ලින්ක් එක හරහා ඔබත් මේ මෘදුකංගය බාගන්න

http://fileforum.betanews.com/detail/ImgBurn/1128426215/1

(මෙම මෘදුකාංගය ගැන මටත් අදහස ලබාදුන්නේ ගෝමිද ජයසිංහ සහෝදයරා ය)

 

burn

ඔන්න මෘදූකාංගය පේන හැටි

Thursday, February 25, 2010

If you cant see Sinhala fonts via your mobile and PC browser..

this technical support is not needed for most of u, but there are some friends who still haven’t got this Unicode and this Fonts

to view Sinhala fonts via your browser, follow this link and install the Unicode package

http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html

to type Sinhala follow these links,

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

(the above system is provided by UCSC and you need to connect your PC to internet.)

http://singreesi.vndv.com/

(the above software is working with windows 7 even)

To  Download sinhala fonts 

     images

For more sinhala fonts, serch in Google……..

after downloading this sinhala font, copy and paste it to C:\Windows\Fonts (If you are using any version of Windows)

To view sinhala fonts via your mobile phone, you need to install Opera Mini browser in to your mobile phone. you can get it from here (if you don’t have already)

 

images

Then follow these steps

1. Clear whatever typed in the web address text space and type    opera:config
2. And click “Go to” (Network will be needed)
3. Then from the opened webpage select "YES" for the option "USE BITMAP FONTS when needed".

4. Then Click Save.

වාර්ශික ක්‍රීඩා උත්සවය 2010

ඔන්න ඉතිං මේ අවුරුද්දෙ වැදගත්ම මාසෙත් ඉවර වෙන්නයි යන්නෙ, කට්ටිය දන්නවනෙ මොකද මේ මාසය ඉතාමත් වැදගත් වෙන්නෙ කියල!? :P  අන්න ඒක තමා.

පෙබරවාරි මාසය හා මර්තු මාසය කියන්නෙ අපේ ඉස්කෝල වල විනෝද සමය තමා .... ක්‍රීඩා උත්සවයට තමා  හැම පාසලක් ම ලෑස්ති වෙන්නෙ. ඔන්න මේපාරත් අපේ පාසලේ, ඒ කියන්නෙ කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ වාර්ශික ක්‍රීඩා උලෙළ මේ සිකුරාදා, ඒ කියන්නෙ පෙබරවාරි 26 (අෆ්ෆා ඒ කියන්නෙ හෙට නෙ?! ) සංවිධානය කරල තියනව .

අපිව පාසලෙන් අස් කලාට පස්සෙ තියන පළමු ක්‍රීඩා උත්සවය, ඒ උනාට අපි සෙට් එක යන්න තමා බලන්නෙ කස්ටිය හැමෝම එන්න එදාට...

Wednesday, February 24, 2010

Advanced System Care

මම අපේ යාළුවන්ට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලබාදෙන්නයි මේ හදන්නෙ.


අප භාවිතා කරන සියළු පරිගනක ටික කාලෙකින් කිසිම හේතුවක් නැතිව (මෙහෙම ක්වුවට ඇත්තටම හේතුවක් තියනවා) අම්බානකට මන්දගාමී තත්වයට පත් වෙනු මගේ යාළුවන් අත්විදින්නට ඇති.  ඔන්න ඔය කරදරයෙන් අත්මිදෙන්නට නම් මේ බ්ලොගය සමග සපයා ඇති මෘදුකාංගය බාගන්න.

මෙම මෘදුකංගය එහි නිර්මාතෘවරුන් විසින් නොමිලේ ලබාදෙන එකකි, එහෙත් සාම්ප්‍රදායික ලෙස නොමිලේ ලබාදෙන මෘදුකාංගය ඉතාම අඩු පහසුකම් සහිත එකකි. එය මුදල් ගෙවා සියලු පහසුකම් ලබා ගත හැක, එහෙත් මෙහි දැක්වෙන නෝට් පෑඩ් ලිපිය මගින් ඔබට මෙම මෘදුකාංගය පූර්ණ පහසුකම් සහිත එකක් බවට පත් කර ගත හැක

නොට්පෑඩයේ ඇති සියල්ල හොදින් කියවා බලන්න, මෙහිදී ඔබ අනිවාරයෙන්ම ඔබේ අන්තර්ජංජාල සබදතාව මදකට විසංන්ධි කල යුතුය.

මෙම ක්‍රියාවලිය සම්බන්ධව හෝ මෘදුකාංගය සම්බන්ධව ඔබට ඇති ඕනෑම ගටලුවක් කොමෙන්ටයක් ඇසුරෙන් යොමු කරන්න.

මෙම මෘදුකාංගය පිලිබදව මා හට මුලින්ම පැවසුවේ අපේ හොද මිත්‍රයෙක් වන රජිත සඳරුවන් සහෝදරයා ය. මෘදුකාංගය හදුන්වාදීමේ කතෘ භාගය ඔහු සතු වන අතර ක්‍රැක් කිරීම මා සතු ය.

මෘදුකාංගය මෙතනින් බා ගන්න

ක්‍රැක් කිරීමට උපදෙස් ඇතුලත් නෝට්පෑඩ් ලිපිය මෙතනින් බා ගන්න

 

advanced

Advanced System Care in action….

Tuesday, February 23, 2010

මගතොටදී මගෙ ඇස ගැ‍ටුනු දසුනක්

අද උදේ මම පාර්ලිමෙන්තු පාරේ යනකොට මගේ කැමරා කාචයේ සටහන් වුනු ලස්සන දසුනක් මම මගේ යාලුවන් හා බෙදා හදා ගන්නයි මේ හදන්නෙ,

හොදින් බලන්න, මේ ත්‍රි රෝද රථයේ පි‍ටුපස කුමක් ද පේන්නෙ කියල, ලොල් නේද

BMW ලාංචනය බලන්න, මේ කියන විදියට මේ ත්‍රි රෝද රථය BMW එකක්. 

DSC00908

ඔන්න ඔබේ පහසුව සදහා මම මේක විශාල කලා

DSC00908edit1

Dharmadasa Walpola- me sawmya rathriya

මෙන්න තවත් පැරණි ගීතයක්. සොයාගැනීමේ පහසුව පිණිස ඉංග්‍රිසියෙන් නම ලියා ඇත

මෙතනින් බාගන්න

Drumline - සැරම වැඩකාරයෙක්!

ඔන්න හා හා පුරා කියල මම මගේ බ්ලොග් අඩවියට පලමු චිත්‍රපටය ඉදිරිපත් කරන්නයි යන්නෙ. මේ කතාව ටිකක් වෙනස් ආකාරයෙ එකක්, මේක ඉදිරිපත් කරන්න හෙතුව තමයි ලගදි මම බලපු සැරම වැඩකෑලි තියන ‍ෆිල්ම් එකක් නිසා.

මේකෙ කතාව මෙහෙමයි, ඔන්න ඉන්නව අපේ කතා නායකයා, එයා නියම සයිඩ් ඩ්‍රම් වාදකයෙක්, ඒත් මෙයාගෙ එකම අඩුව තමයි මෙයාට සින්දුව ලියල දුන්නම ඒක කියවන්න දන්නෙ නෑ.... මෙය අහගෙන ඉදල ඒක මතකයෙ තබාගෙන තමයි වාදනය කරන්නෙ. අපි කියන්නෙ ඉයර් එකට ගහනව කියල, අන්න ඒක.

ඉතිං මෙයත් ටිකක් අපි වගේ තම, චුට්ටක් විතර කම්මැලියා. ඉතිං මෙයගෙ කතාව තම මෙහි තියෙන්නෙ, මෙයා ඇඩ් දාන හැටිනම් බලගෙන් ඉන්න ආසයි, මොකද මරු වැඩකරුවෙක් නිසා

ඉතිං මේයා දැන් එයා අලුතෙන් යන උසස් පාසලේ තූර්යය වාදක කණඩායමට ඇතුල් වෙලා ඒකෙ තරගාවලියකට ලෑස්ති වෙන හැටි සහ ජය පරාජය දෙකම ලඟා කරගන්න හැටි, ඒවාට මුහුනදෙන හැටි මේකෙන් කියැවෙනවා...

මෙයා ඉතිං උසස් පාසලේ හොදම ඩ්‍රම් වාදකයා වෙනවා.... ඒ අතරෙ ඔන්න මෙයට ලස්සන ගෑනු ලමයෙකුත් යාලු වෙනව (නැත්නම් ඉතිං කතාවෙ සත පහක වැඩක් නෑනෙ අපරාදෙනෙ කොල්ලගෙ දක්ශකම)

ඔයිට වඩා කියන්න යන්නෙ නෑ එතකොට මේකෙ රසය අඩුවෙනව. ඔයාලත් මේක බාගෙන බලන්නකො

මෙතනින් බාගන්න

drumline2

මම කරන්න යන දේ.........

මම මගේ බ්ලොග් අඩවිය වෙතින් අලුත් චිත්‍රපට, පැරණි ගීත සැපයීමටත් සහ මගේ මිතුරන් ගේ ඇතැම් අවශ්‍යතා ඉ‍ටුකිරීමට ද  බලාපොරොත්තු වෙමි.

Alvin and chipmunks

බාසුරු ගෙන් අලුත් වැඩක්!!!!!!

ඔන්න මිතුරනේ මම අලුත් වැඩක් පටන් ගන්නයි යන්නෙ, මට වැඩේ අලුත් වුනාට ඔයාලට නම් මේ වැඩේ අලුත් නෑ......

මගේ වැඩ ගැන ඔබේ අදහස් හා යෝජනා ඇත්නම් මට ඉදිරිපත් කරන්න,

welcome

මාගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගනිමි