Saturday, May 29, 2010

හෙපටයිටිස් තියනවද කියල ලැබ් එකේ අය බලන්නෙ මෙන්න මෙහෙමයි

 

මේක කියවල නම් ඉතිං කියන්න එපා මේක මහ සීන් එකක් නෑ නෙ කියල, හැබැයි වැඩේ වෙන්නෙ මෙහෙමයි, සරලයි සුගමයි

ඔන්න දොස්තර ලියල දෙනව හෙපටයිටිස් B වලට රුධිර පරික්ශාව කරගෙන එන්න කියල, එතකොට අපේ ලෙඩා ලේ දීල එනව.

අපි පොඩි උපකරණයකට මේ ලෙඩාගෙ රුධිර මස්තු (serum) තමා භාවිතා කරන්නෙ, ඉතිං ඒ නිසා අපි රුධිර සාම්පලය කේන්ද්‍රාපසාරණයට (centrifuge) ලක් කරනව, එතකොට රුධිර සෛල සහ මස්තු වෙන් වෙනව ස්ථර දෙකකට (උඩින් එන ස්තරය මස්තු)

ඉන්පස්සෙ ලැබ් එකේ තියන "හෙපටිකාඩ්" කියන පොඩි කැසට් එක අරගෙන, ඒකෙ තියනව පොඩි ස්ථානයක් (සිදුරක්) රුධිර මස්තු ඇතුලත් කරන්න කියල. අන්න එතනට රෝගියාගේ රුධිර මස්තු බිංදුවක් දාල බලාගෙන ඉන්න තියෙන්නෙ, වෙන මුකුත් ද්‍රාවණ ඕනෙ නෑ, ඕන කරන ඔක්කොම මේකෙ තියනව

 

 18052010108edit ඔය ඊ හිසකින් තියන තැනට තමා මස්තු දාන්න ඕනෙ.

ඔය ඉහතින් තියෙන්නෙ පරීක්ශනය අතරතුර ගත්ත ඡායාරූපයක්, දැන් ඕකෙ ඔය කැසට් එකේ තියෙන සුදු කඩදාසිපටියක් වගේ කොටසෙ ඉහත පරිදි එක රතුපාට තිරස් රේඛාවක් පමණක් ආවොත් ඒ කියන්නෙ අපේ ලෙඩාට රොඉ එගය වැලැදිලා නෑ...

පහතින් දැක්වෙන්නෙ පරීක්ෂණය අවසානයේ ගත්ත ඡායාරූපයක්

18052010117

ලෙඩාට රෝගය තියනවානම් ඔය වගේ තවත් රතුපාට තිරස් රේඛාවක්, ඒ කියන්නෙ ඔක්කොම රේඛා දෙකක් එනව.

එතකොට ලැබ් එකෙන් Hepatitis B Positive ලෙස වාර්තාව නිකුත් කරනව

කේන්ද්‍රාපසාරකයේ ඡායාරූපයකුත් දැම්ම නම් හොදයි නේ ද? ඒක දැම්මෙ නැත්තෙ, එහෙම කලාම සමහරු කමෙන්ට් කරයි ද දන්නෙ නෑ " ඕව මෙහෙම දාන්නත් දේවල් ද?" කියල අනේ මංද

 

13 comments:

  1. ඈත්තටම වෑදගත් තොරතුරු ටිකක් ස්තුතියි

    ReplyDelete
  2. දිරිගැන්වීමට ඔබටත් ස්තූතියි නුවන්

    ReplyDelete
  3. ඉතා වැදගත් ලිපියකි..ස්තූතියි බොහොමත්ම..!!!

    හෙපටයිටීස් B කියන්නේ කහ උණ කියන රෝගයද..??

    රෝගය නැති නම් Positive ලෙස පරීක්ශනාගාර වාර්තාව නිකුත් කරන්නේ කුමන රෝගයටද??

    ReplyDelete
  4. සෙංගමාලය කියන්නෙ හෙපටයිටිස් බී සහ සී වලට ම තමා.
    රෝගය නැත්නම් positive ලෙස දෙන්නෙ නෑ negative කියල දෙන්නෙ.... හෙ හෙ මාර කතානෙ කියන්නෙ? මෙහෙමයි,
    රෝගය නැත්නම් අර ඉහත රූපයේ ලෙසම එන්නෙ එක රතුපාට රේඛාවක් විතරයි, නමුත්

    රෝගය තියනවනම් එන්නෙ රතුපාට රේඛා දෙකක්, එතකොට තම positive ලෙස රිපෝට් එක දෙන්නෙ

    ReplyDelete
  5. ඔය වර්ණ ගැන්වීම වෙන විදිය කියන්න පුලුවන්ද? හේතු? මොනවද ඔය උපකරණයේ තියෙන්නේ කියල වගේ?

    ReplyDelete
  6. ලෝකෙ හැමතැනම පරීක්ෂනාගාර වාර්තා නිකුත් කරන්නේ එකම විදියට යැයි මම සිතමි.
    ඇත්තටම මොකක් හරි ලෙඩක් නැති නම් එය වාර්ථාවේ Positive ලෙස සඳහන් කරනවා.මට දැන් ඒ රෝගය මතක නැහැ.
    පරීක්ෂන වාර්ථාව නිවසට තෑපෑලෙන් ලැබී වෛද්‍යවරයා හමුවීමට යන්නට තිබුනු දින තුන ඇත්තටම මම ගතකලේ බොහෝමත් බයෙන්..කොටින්ම කෑම වතුරත් නැතුව.
    මේක මටම උන දෙයක් නිසා මම ඇත්තටම මේ ලෙඩේ මොකද්ද කියලා දැන ගන්නයි ඇහුවෙත්..
    ස්තූතියි ඔබට..!!

    ReplyDelete
  7. නිමන්ති අක්කෙ, ඒකනම් ටිකක් සැර වැඩක්, මෙහෙමනෙ, ලෝකෙ හැම තැනම එකම විදියට නම් නෙමේ, ඒ කියන්නෙ සමහර පරික්ෂන වල, ක්‍රමය ලෝකේ බොහෝ ස්ථාන වල එකම වෙන්න පුලුවන් එහෙත් කරන ක්‍රමයේ වෙනසක් වෙන්න පුලුවන්

    උදාහරණයකට නම්, දැන් HIV තියනවද කියල බලන්න පරික්ෂණ ගනනාවක් ම තියනව, එකෙන් අනුමත කරන ලද, එහෙත් එක් එක් විද්‍යාගාර වල තත්වය අනුව සහ පහසුකම් අනුව භාවිතා කරන ක්‍රමය වෙනස් වෙන්න පුලුවන්,

    තවද දැන් ලංකාවෙ තාම මෙඩිකල් ලැබ් වලට ISO තියන ලැබ් තියෙන්නෙ එකයි! අන්න ඒ වගේ

    ඔය කියන ලෙඩේ සහ පරික්ෂාව නම් මට එකපාරටම ක්ලික් වෙන්නෙ නෑ, ඔයාට මතක් උනොත් කරුණාකරල කියන්න, මමත් හොයල බලන්නම්,

    ReplyDelete
  8. බුධාජීව අයියෙ, ඒක නම් දන්නෙ ඕක හදන කොම්පැනිය විතරයි, මෙහෙම සීන් එකක් තියනව,මෙඩිකල් ලැබ් වල එක එක ටෙස්ට්ස් වලට භාවිතා කරන එක එක ද්‍රාවණ (අනුමත) තියනවා, එක එක රසායනික ද්‍රව්‍ය තියනවා, ඒවා ගොඩක් විට එන්නෙ නිකම් ටූල් කිට් එකක් වගේ, බෝතල් වල දාල, ඒ එක්කම එම ද්‍රාවණ සහ උපකරණ කොහොමද භාවිතා කරන්න ඕනෙ, එක එකෙන් බිංදු කීයක් දාන්න ඕනෙද කියල එයාල කියනව, එතකොට එයාල දෙන ඔය වගේ කැසට්ස් වල තියෙන්නෙ මොනවද? අර ද්‍රාවණ වල සංයුතිය මොකක්ද වගේ දත්ත එයාල දෙන්නෙ නෑ (උන් හිතනව ඇති අපි ඕව හදාවි කියල)

    තවත් කියනවා නම්, දැන් එක එක ටෙස්ට්ස් වලට දාන්න ඕනෙ බෆ්ෆර් සොලූෂන්ස්( buffer Solutions) කියල එයාල දෙනව, ඒ කියන්නෙ සිංහලෙන් ම ස්වාරක්ෂක ද්‍රාවණ නෙ? නමුත් ඒ ස්වාරක්ෂක ද්‍රාවණයේ PH අගය වත් උන් කියන්නෙ නෑ (අපි හදාවි කියල)

    අපි ෆාමසියෙන් බෙහෙත් ගත්තාම නම් එම බෙහෙතෙ ගහල තියනවා එහි රසායනික සංයුතිය, නමුත් ලැබ් වල ද්‍රාවණ වල තත්වය ඊට ඉදුරාම වෙනස්, ලැබ් වලට ද්‍රාවණ් ෆාමසි වලින් ගන්නෙ නෑ නෙ? අර ටූල් කිට් වගේ ඒවා ෆාමසි වල නෑ නෙ, ඒ නිසා ඔයාගෙ ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි,

    http://jmitra.tradeindia.com/Exporters_Suppliers/Exporter9581.125720/Hepacard-Sensitivity-0-5-ng-ml-J-MITRA-CO-PVT-LTD-.html

    තවත් පැහැදිලි වෙන්න මම ටෙස්ට් එකක් දාන්නම් වෙන ලිපියකින්

    ReplyDelete
  9. Detective CharinduMay 31, 2010 at 12:08 PM

    maxx :D :P

    ReplyDelete
  10. එළකිරි!

    ආ තව.. අයියෙ කීවටත් තැංකූ වේවා! ;) මං තාම ඉස්කෝලෙ ගාටන එකෙක් බං! :P

    ReplyDelete
  11. හෙ හෙ එහෙමද, ලොල්

    ReplyDelete
  12. ඇත්තටම මම හිතාගෙන හිටියේ ලෝකේ හැම තැනම පරීක්ෂනාගාර වාර්ථා නිකුත් කරන්නේ එකම ප්‍රමිතියකින් කියලයි..ඒ මගේ නොදැනුවත් කම. :-(
    අනිවාර්යයෙන්ම මට හොයාගන්න ලැබුනොත් මම කියන්නම්..
    ඔයාට හොයලා බලන්න ලේසි වෙන්න මම රටත් කියන්නම් රට-නෝර්වේ වසර- 2004
    මට මතක විදියට ඒ හෙපටයිටීස්ටීස් A
    හොයලා බලන්නකෝ..මමත් එහෙ ඉන්න යාලුවෙක් ගෙන් පුලුවන් උනොත් දැන ගන්න උත්සාහ කරන්නම්.

    හෙපටයිටීස්ටීස් A රෝගයේ භයානක කම කිසිසේත් මම ඒ වෙනකොට දැනගෙන හිටියේ නැහැ....ඒ දවස් වල මම හිතාගෙන හිටියේ ඒකත් සෙංගමාලයට සමාන රෝගයක් කියලයි.
    සමහර දේ නොදැන සිටීමත් සමහර වෙලාවටහොඳයි නේද?? :D
    කොහොම උනත් ඇත්තටම වෛද්‍ය සිසුන් විතරක් මේක කියවනවා කියලා නොසිතා පැහැදිලි කිරීම් කරන්න.වෙන කවුරු හරිත් ඔයාට මෙහෙම කියලා තිබුනා මතකයි..ඇත්තටම මෙය හරිම වැදගත්
    ස්තූතියි මල්ලි බොහෝමත්ම

    ReplyDelete
  13. ඔව්, මම පුලුවන් උපරිමයෙන් පැහැදිලිව ලියන්නම්, ස්තූතියි සියලු උපකාර වලට,
    ඔන්න අලුත් ලිපි වගයක් දැම්ම සරල ලෙසින්ම කියවල බලන්නකො

    ReplyDelete