රෝහලක දී රෝගියෙක් ට රුධිරය ලබා දීමට හෝ ලේ බැංකුවක රුධිරය තැන්පත් කිරිමට පෙර එම රුධිරය කුමන ගනයකට අයත් දැයි පිරික්සනු ලැබේ. එය පරික්ශනාත්මකව මෙසේ සිදුවේ. මෙම පරික්ශනයත් ක්‍රම දෙකකින් සිදුවේ.
1. අන්වීක්ශ කදාවක් මත හෝ විශේශයෙන් සැකසූ කාඩ්බෝඩ් කඩදාසියක් මත. (slide test)
2. පරික්ශණ නල කට්ටලයක් භාවිතයෙන් (tube Test)
( පරික්ශණ නල කට්ටලයක් භාවිතයෙන් කරන ආකාරය සවිස්තර බවින් යුක්තව, දීර්ඝ විස්තරකිරීමකින් තොරව දැමීමෙන් බහුතර පාඨකයන් ට නීරස වීමක් හෝ අපැහැදිලි බවින් යුක්ත තවත් එක් ලිපියක් පමනක් විය හැක. එනිසා සරල පරික්ෂනයක් වන අංක් 1 දක්වමි.)
මේ සදහා භාවිතා කරන ද්‍රාවණ 3ක් ඇත. ඒවා නම් කර ඇත්තේ Anti – A, Anti -B සහ Anti- D ලෙස ය. එම ද්‍රාවණ වල ඡායාරූප පහත දැක්වේ
මෙම ද්‍රාවණ වල අන්තර්ගතය ගැන ඉතා කෙටියෙන් පැවසුවහොත්, රුධිර ප්ලාස්මාවේ ඇති ප්‍රති A හා ප්‍රති B මෙම ද්‍රාවණ වල ප්ලිවලින් Anti A හා Anti B හි ඇත. Anti D, Rh සාධකය නීර්ණය පිණිස ය. (ප්‍රවේණියේ Rh සාධකය සදහා ඇති ඇලීලය දැක්වීමට D සංකේතය යොදයි, එම පාඩම සිහියට ගන්න….)
දැන් අපි පහත දැක්වෙන කඩදාසියේ නියමිත ස්ථාන වලට මෙම ද්‍රාවණ වලින් බිංදුව බැගින් දමා, 4 වෙනි ස්ථානයට, එනම් පාලකය ට (control test) රුධිරය වෙනුවට සේලයින් බිංදුවක් (N. Saline) එක් කරනු ලැබේ.
ඉන්පසු පිපෙට්‍ටුවක් ආධාරයෙන් පිරික්සීමට අවශ්‍ය රුධිරය බිංදුවක් බැගින් නියමිත ස්ථාන 4ටම එක් කර හොදින් මිශ්‍ර කරනු ලැබේ. එවිට එක් එක් ස්ථාන වල ඇති රුධිර බිංදු වල සියුම් අක්‍රමවත් කැටි (clumps) සැදීම හෝ නොසෑදීම මත එම රුධිරය කුමන ගනයට ඇයත් දැයි නිගමනය කෙරේ.
| Anti A | Anti B | Anti D | Blood grupe |
| clumps | clumps | clumps | AB + |
| clumps | clumps | no clumps | AB- |
| clumps | no clumps | clumps | A+ |
| Clumps | no clumps | no clumps | A- |
| no clumps | clumps | clumps | B+ |
| no clumps | clumps | no clumps | B- |
| no clumps | no clumps | clumps | O+ |
| no clumps | no clumps | no clumps | O- |
රුධිර කැටි සැදෙනවනම් Positive ලෙසද එසේ රුධිර කැටි නොසෑදේ නම් Negative ලෙසද දෙනු ලැබේ.
ප.ලි. - බයෝ සීන්ස් වැඩිය නොදන්න අපේ ආටො සහ මැත්තො ඉන්න නිසා රුධිර ගන නොගැලපීම නිසා රුධිරය කැටි ගැසෙන්නෙ කොහොමද කියල මීළග ලිපියෙන් කියන්නම්.
ප.ප.ලි. - පරීක්ශනයේ මූලධර්මය ඕන කෙනෙක් ඉන්නවැයි?
බොහොම වැදගත් ලිපියක් යාලුවා.ඔය ටෙස්ට් එකත් එක්ක දවසෙම ජීවත් වන කෙනෙක් හැටියට, ඔන්න ඔය ස්ලයිඩ් මෙතඩ් එක 100%ක් නිරවද්‍ය නැහැ කියල කියන්න පුලුවන්,මොකද ඕකෙදි අන්වීක්ෂිය පරීක්ෂනයකට බඳුන් නොකරන නිසා සහ ඇන්ටි AB පාවිච්චියකුත් නැහැනේ.නිවැරදිම වෙන්නෙ cell grouping+serum grouping දෙකම අඩංගු වන ටියුබ් ක්‍රමය. දැනට ඔවැනි ස්ලයිඩ් ක්‍රමය වැරදුන අවස්තා 10කට වඩා මට හමුවෙලා තියනව.
ReplyDeleteකෙසේ වෙතත් ඔබේ වටිනා ලිපියට මගේ ස්තුතිය. ඔබව හඳුනා ගන්න කැමැතියි..!!
කියවන්න මෙඩ්ඩොම එන්න ඕන කියල හිතන්න එපා. අනික කවුරු කියෙව්වත් කෑලි හලන්නෙ නැතිව ෆුල් ස්ටෝරියම ලියන්ඩ. පරීක්‍ෂණයේ මූලධර්මයයි, අර පරීක්‍ෂණ නල වල කරන ක්‍රමයයිත් ලියන්ඩ.
ReplyDelete@බුධාජීව, ස්තූතියි ලියලම දාන්නම් කො.
ReplyDelete@ඉන්දික, ඔව් ඔබ හරි මේක 100ක්ම නිවැරදි නෑ තමා, ඒත් මේක එහෙම වුණු පලියට භාවිතයෙන් ඉවත් කරපු එකක් නෙමේ නෙ, අනික මේකත් නොදන්න අය කීයක් නම් ඉන්නවද, ඔව් ටියුබ් ටෙස්ට් එක තමා නිවැරදිම, මම ඒකත් ලිපියකින් ලියන්නම්, කරුණාකර ඒකෙත් ගුණ දොස් වෙතොත් ලියල එවන්න. දෙන්නාගේම කොමෙන්ට්ස් වලට ස්තූතියි.
මේ Anti – A, Anti -B සහ Anti- D කියන ඒවා සමාන්‍ය ෆාමසියකින් මිළදී ගන්න පුලුවන්ද?
ReplyDeleteමෙහෙමයි, ඕව සාමාන්‍යයෙන් නම් භාවිතා වෙන්නෙ ලැබ් එකේ තමා, ඒ නිසා ඕව සාමාන්‍ය ෆාමසි වලින් ගන්න පුලුවන් වෙන එකක් නෑ බොහෝවිට, මොකද ඕව අනිත් බෙහෙත් වගේ යන්නෙත් නෑ, අනික එහෙම ලැබ් වලට අවශ්‍ය ප්‍රතිකාරක ඔහොම සාමාන්‍ය ෆාමසි හරහා ගන්නෙ නෑ නෙ, මම දන්න තරමින් නම් නෑ. ඕනෙ නම් හොයල බලල කියන්නම්
ReplyDeleteබොහොම ස්තුතියි, බුධාජීව කිව්ව වගේ මේව කියවන්න මෙඩ්ඩොම ඕන නැහැ, අපිත් ගොඩක් කැමතියි මේ වගේ දේවලට
ReplyDelete[...] මම දාපු අර රුධිර ගනය දැන ගැනීමට කරන පරික්ෂනයට ආපු ප්‍රතිචාරයක් තිබුනා, මේ [...]
ReplyDelete