Friday, April 23, 2010

ඇයි මගේ නම අර ලැයිස්තුවේ තිබ්බෙ

ඔන්න කලින් ලිපියෙ මගේ නම අර ලිස්ට් එකට යන්න හේතුව මේ ලිපියෙන් කියන්න යන්නෙ, මම ඉතිං වෙච්ච සිද්දිය කියනවා මිසක්ක මම පොර වෙන්න වත් නෙමේ ඉතිං, එහෙම හිතන එක අසාධාරණයි නෙ,

අම්මෝ ඇඩ් මරුව! ඔය කතාව කියවගෙන යද්දි චුට්ටක් හොද නිරීක්ශන හැකියාව තියනවනම් එක ඇඩ් එකක් අල්ල ගන්න තිබ්බ,

හරි මෙන්න මේකයි සිද්දිය, කලින් කීවුවනෙ, අපේ කතා නායක පොරට නහරයක් වැඩියි කියල, මෙයාට  තිබ්බ තව ලෙඩ ගොඩක්( එකක් නෙමේ ලෙඩ වාට්‍ටුවක්)

එකක් තමයි මෙයා කියන එක ඒ ලෙසටම ඕනෙ, ලෝකෙ ඉන්න එකම හරි පොර එයා,එයාගෙ මතේ තමයි හරිම මතේ(මිනිහ මතෙන් ඉන්න වෙලාවල් නම් දැකල නෑ)

ඔන්න පොර අපිට උගන්වන්නෙ විජ්ජාව, මෙයා වැඩියෙන් කරන්නෙ ඉතිං සටහන කියවන එක තමයි, මගේ පුරුද්දක් තිබ්බ පොරට දිරවන්නෙ නැති, ඒක නිසා කොහොමත් මා එක්ක ටිකක් අමනාපයක් අවුරුද්ද මුලදිම නියමෙට ගොඩනැගුන මට හිතෙන්නෙ,

මේකයි මගේ පුරුද්ද, ම්ම කිසිම විශයයක සටහන් ගුරුතුමා හෝ ගුරුතුමිය කියවන එකම ලියන්නෙ නෑ.. මම ලියන්නෙ මට ඕන එක, ඒ කියන්නෙ මම මගේ වචනයෙන් ගුරුවරයා කියවන සටහන ලියන්නෙ, හැබැයි ඉතිං කවදාවත් කිසිම විශයයක ගුරුවරයෙක් මට ඒ සම්බන්ධව දොස් නගල නෑ(පොර හැර) මොකද මගේ වැඩෙන් අර ගුරුවරයා කියවන සටහනේ අර්ථය වෙනස් වෙන්නෙ නෑ, විකෘති වෙන්නෙ නෑ.... හැබැයි එයාගෙ වචන මගේ පොතේ නෑ....මගේ පොතේ මගේ වචන, ඇගේ හෝ ඔහුගේ අදහස... එච්චරයි
ඔන්න ඕක දවසක් මාට්‍ටු වෙලා....

"තමුසෙ මෙතන තමුසෙගෙ නෝට් එකද මගේ නෝට් එකද මිනිහෝ ලියන්නෙ? මම කියන එක ලියා ගන්නවා නැත්නම් යනවා යන්න රයිට්?"

ඔන්න ඉතින් ඔහොම තමා...

ඔය වගේ ඉතිං මගේ සමහර වැඩ පොරට දිරෙවුවෙ නෑ.....

අහ් තව තිබ්බ මගේ වැඩක්, මට තිබ්බනෙ යකාගෙ ප්‍රශ්න! ඒක වෙන ලිපියකින් කියන්නම්.

2 comments:

  1. he he.. ela ban...... mama hitanne royal ake aka yannatte roofless car akaka... he he

    ReplyDelete
  2. :D russa kiyawala thiyenne eka post ekak comment karala thiyenne thawa post ekakata :P

    ReplyDelete