"බැලූ බැල්මටම ටිකක් සැර ටොක්ස් පාරකට වගේ මිනිහ එන්නෙ"
මම සාපෙ යන්තම් පදං සදං ගෙන උපෙ ට බැහැල උපෙ මරල දැන් පෙර පිනකට හෝ පවකට සිරිලාංකික ශිශුවන්ට ආවේනික උසස් පෙළ ගන්ධබ්බ කාලය ගතකරමින් සිටිමි (කාලය ගතකරමින් නොව කාලය මරමින්)
උසස් පෙළ කාලය කියන්නෙ ඉතින් පාසල් ජීවිතයේ ජොලි බරම කාළය කියන එක ඉතිං අමුතු දෙයක් නෙමේ නෙ, සාමාන්‍යයෙන් බහුජන මතයට අනුව ශාන්ත දාන්ත තීන්ත කුප්පි ඉන්න ඕනෙ යැයි සැලකූ පංතියක 1/සිල්වත් පොරවල් ලෙස අපි සිටියෙමු. උසස් පෙළ නිමාවුණු වහාම සුපුරුදු පුරුදු පරිදි පංතිය කෑලි කැඩී බිදී ගියේය. (එනම් දැන් එදා මෙන් කස්ටිය හමු නොවන නිසාය)
"එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ" කියන්නාක් මෙන් එදා පිස්සු කෙලිය නිසා මෙදා නිකං ඉන්න බැරිය,පිස්සුවක් කෙලින්නමයි හිත
ඔන්න ඔහොම කොහොම කොහොම හරි උපෙ ඉවර වෙලා මම ජංජාලගත උනා, ඒක එසේ මෙසේ ජංජාල ගතවීමක් නෙමී, උපෙ පාඩම් කළ +ඉස්කෝලෙ ගිය සහ ටියුශන් ගිය මුලු කාළයම දැන් ජංජාලයේ තමයි,
ඔන්න ඔහොම බුකියෙ තාප්පයක තිබිල සෙන්ටිමෙන්ටල් උනා නියම ටොක්ස් පාරක් මෙන්න බලන්නකො ඒකෙත් හැටි?
No comments:
Post a Comment