ජංජාලයේ ඉබාගාතේ යනකොට කතන්දර අයියාගෙ අඩවියේ තිබ්බ ලිපියක් කියවනකොට මටත් මතක් උනා අපේ ඉස්කෝලෙත් හිටපු සෑර් කෙනෙක්.
මෙන්න මේකයි සිද්දිය
පොරත් අපේ විජ්ජාලෙ හෙන ප්‍රසිද්ධ පොරක් (නහරයක් වැඩී ය කියල) අපේ පංතිය 9H එහා පංතිය 9G.කරුමෙට හෝ වාසනාවට පොර තමා අපේ පංති භාර!
අපේ පංතියයි එකයි වෙන් වෙන්නෙ එක බිත්තියකින්, පංති දෙකම තිබ්බෙ ගොඩනැගිල්ලෙ පළමු මහලෙ, පංති දෙක වෙන් කරන බිත්තියෙ මුදුන සහ ගොඩනෙගිල්ලෙ වහල අතර තිබ්බ තුංහුලස් යකඩ දැලක්. ඔන්න දවසක් අපේ පංති දෙකටම අළුතෙන් පත් වුණු කඩු සටන් ගුරුවරු දෙන්නක් ලැබුන, අපිට ගුරුතුමියක් 9G එකට ගුරුතුමෙක්. පංති දෙකේම අඩු සහ වැඩි නැතිව එකතැන එක විදියට ඉන්න බැරි අපි වගේ අය පුරවල හිටියයි කියමුකො දන්නවනෙ ඉතිං අළුතෙන් එන ගුරුවරුන්ට (විස්ස විජ්ජාලෙන් දැවුණු ගමන් එන අයට) පිරිමි පාසල් වලදි වෙන දේ?? අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ?
ඔන්න දවසක් එහා පංතියට කඩ්ඩ අපේ පංතියට නිදහස් විනාඩි 40ක්! අපිත් ඉතින් නිශ්ශබ්දව ඉන්නවාය? වෝර්නින්ග්ස් දෙක තුනක් ආව, අපිත් ඉතින් ඒ ලෙසම හිටිය, ටික වෙලාවකින් මෙන්න එහා පංතියෙන් අර දැල අස්සෙන් එනව කිටි කිටියට ගුලි කරපු කොලගුලි!
එහා පංතියේ පොරවල් පංතියේ ගුරුතුමා හිටියත් අපිට කොළගුලි ගහනව! මොකෝ එයාට පේන්නෙ නෑ නෙ හෙ හෙ, මොකද පොර කළු ලෑල්ලෙ රචනාවක් ලියනවද කොහෙද! ?
දැන් මොකෝ කරන්නෙ? අපිට පුලුවන්ද ආයේ අපේ පැත්තෙන් රිටන් එක දෙන්න ? බෑනෙ? අපිත් ඔහේ ගනන් ගන්නෙ නැතිව හිටිය, මෙන්න අරුං ගෙ ඒම් එක වැරදිලා දැලේ වැදුණු කොලගුලි සර් ගෙ ඔලුවටත් වැදිල!
ක්‍රිමිනල් ඔෆෙන්ස්!
පැමිණිල්ල ගියා ඉහලට! දැන් ලස්සන වැඩේ කියන්නෙ එහා පංතියේ හිටපු ගල් ආදා ලයින් එක ප්‍රගුණ කල එකෙක් ගුරු මේසය උඩින් උන්ගෙම ඇමෝ තියල කියපි "සෑර් මෙන්න එහා පංතියෙන් තමා ගැහුවෙ මේ තියෙන්නෙ...."
අනේ අපේ අවාසනාව! සෑර්ට පිටිපස්සට ඇස් නෑ නෙ? අපි මාට්ටු! අපිට කොහෙන්ද එවිඩන්ස්? අපේ පැත්තෙත් කොලගුලි එහා පැත්තෙත් උන්ගෙ කොලගුලි....
ඔන්න ආව අපේ ගුරුතුමා...
" කවුද එහා පංතියේ සර් උගන්න උගන්න ඉන්දෙද්දි කොලගුලි වලින් ගහුවෙ?" (ඒ වාක්‍යයේ අගට නම් "රයිට් " තිබ්බෙ නැද්ද කොහෙද)
අපිට කට උත්තර නැත. කට ඇරල කෙලින්ම “අපි ගහුවෙ නෑ සර්…” කියන්නත් බැරිය, එයා පිලිගන්නෙ නෑ නෙ, අනික මෙයා එක්ක අපිට නෙමේ කිසිම ගුරුවරයෙක්ට වත් කට ගහන්න බෑ.
"මම ආයෙ අහන්නෙ නෑ රයිට්? කවුද මිනිහෝ කොලගුලි ගැහුවෙ?" (අප ගුරුතුමාගේ මුඛයෙන් ගලා ආ වදන් එලෙසම දැමීම සදාචාරාත්මක නොවේ. මා විසින් කපා හරින ලදී)
ම්..හ් උත්තරයක් නැත. දෙන්න උත්තරයක් ද නැත.
"උඹල දන්නවනෙ මට ඕන තරම් සාක්ෂි තියනව උඹල තමයි මේ වැඩේ කලේ, අද ඉස්කෝ ලෙ ඇරෙන්න කලින් මට උඹල කියන්න ඕනෙ කවුද මේක කලේ කියල රයිට්?."
අපිත් ඉතිං ඔහේ සිටියෙමු,එහා පංතියේද පාවාදෙන්නෝ නැතිවා වාගෙයි
අන්තිම මොහොතේ පොර පැමිණියේය, "රයිට් දැන් උඹලගෙන් උත්තරයක් නෑනෙ? හෙට මම උඹලව අල්ලගන්නම් හැම එකාවම"
දැන් ම්කෝ කොරන්නෙ? හැමෝටම පොදු ගැටළුව, ගෙදර ගිහින් කියන්නද? බෑ නෙ? කට් එකක් දාන්නද? ඒත් බෑනෙ, ඕන මගුලක් කියල කට්ටියම ඉස්කෝලෙ ආව ඊළග දවසෙත්, බුදුන් වැදල පන්සිල් අරං ඉවරයි, ඒත් පංතිය වහල!
ඕඩර් එකක් ආවේය, ආපු විදිය කියන්න බැරිය, පොතුත් අරං අව්වේ හිටගෙන ඉන්න සෙට් විය! ඉදගන්න තිබ්බෙ බිම තමයි, හෙවනට අහස! පීරියඩ් අටම අව්වෙ හිටගෙන! එකදිගට දවස් 5ක් (සතියක් නෙ ඉතිං) සර්ට සහ එහා පංතියේ එවුන්ට බැන බැන(ඒ කාලෙ අපි 9 නෙ ඒකයි ;) .) දවස් පහම හිටගෙන සිටියෙමු.
ඔන්න නොකළ වරදකට වින්ද දඩුවම්!
ඕක නම් බැරිය, හැම එකාවම පෝලිමට සර් ඉන්න පංතියකට ගෙන්නුවේය. හැම එකාටම වේවැල් පාරක් හෝ කම්මුල් පාරක් චටාස් ගා තිළිණ කර "කියපිය කවුද ඕක කලේ?" කියා ගොරනාඩුව නම් නැවැත්තුවේම නෑ..
අන්තිමට පංතියේ පොර සැක කරපු ලිස්ට් එකක් වෙනම ගෙන්නුවේ ය. කරුමේ කරුමේ ගැහුව කියහල්ලකො හිගන්නාගෙ පාත්තරේට අකුණක්! ලිස්ට් එකේ අගට මගේ නමත්, "****** මෙහෙ වරෙන් " මගේ කණ්නාඩිය පොරම ගැලෙව්වේය.
එච්චරයි දැක්කෙ, කොහෙන්ද සද්දයක් ආව "චටස් පටස්" මගේ මූන දෙපසට දෝලනය විය.
ප.ලි.
ඉතිං වැරැද්දක් නොකර වැරැද්දක් පිලිගන්න බෑනෙ? සතියක් එළියෙ හිටගෙන ඉදල එයාටම එපා වෙලා අපිව ගත්ත ඇතුලට. අපේ බැචෙක් පාසල් ජීවිතයේ එකම ගුටි වැළදීම කලෙත් එදා...
ප.ප.ලි.
ඇයි මගේ නම අර ලැයිස්තුවේ තිබ්බෙ? ළගදීම.....
මොකක්ද බං... ඔය පොඩි වැරැද්දට ඔච්චර දඩුවම් කරන්න ඕනිද? අපේ ඉස්කෝලෙනම් ඔයවගේ වැරැද්දක් කරපු එකෙක්ව හොයාගන්න බැරි උනොත් වැඩිම උනොත් පීරියඩ් දෙකක් විතර දනගහගෙන ඉන්නවා.
ReplyDeleteඒක ඉස්කෝලේ අනුව නෙමේ නෙ, ගුරුවරයා අනුව වෙන දෙයක් ඔය පොර ඔයාගෙ ඉස්කෝලෙ හිටියත් ඕකමනෙ කරන්නෙ
ReplyDeleteඅපිට ඔහොම දෙයක් කරන්න ආවොත් අපි දන්නව කරන්න ඕනි දේ.... ආයෙත් සර්ට ඉස්කෝලෙ පැත්ත පලාතෙ එන්න හම්බවෙන්නෙ නෑ....ලොල්
ReplyDeletelolz yeah neh math oya kattama kawaneh
ReplyDeletepissu porak neh mans :D :D
BDW maxa wadak macho kee it u :D :D
ReplyDelete