අද නම් කියන්න යන්නෙ වැඩි දෙනෙක් නොදන්න, එහෙත් නියම සිද්දියක්, අපේ සමහරු ඉන්නවනෙ බෙහෙත් බොන්න අකමැති/බය කස්ටිය (පොඩි ළමයි විතරක් නෙමේ හොදේ..මේ කියන්නෙ වැඩිහිටියො ගැන) විශේෂයෙන් ම බීමත්ව ඉන්න කැමති අය, මෙයාලගෙන් සමහරුන්ට තියනව නෙ ඔය, දියවැඩියාව වගේ ලෙඩ, දැන් මේව හැදුනම ඉතිං වෛද්‍යවරයා හමුවෙන්න යනවනෙ, ඉතිං පොර සිද්දිය තේරුම් අරං බෙහෙත් දීල කියනව, මේ බෙහෙත් හරියට අරගෙන වැඩේ පාලනය කරගන්න කියල, එහෙම කියල පොර දෙනව බෙහෙත් ඉවර වෙලා ආයෙ එන්න දිනයකුත්
දිනය එක්කම අලුතින් කරගන්න ටෙස්ට්ස් ටිකකුත් දෙනවනෙ ඉතිං.....
අපේ අයියල මොකද කරන්නෙ? බෙහෙත් ගන්නෙ නෑ, පෙර ලෙසම ඇල්කොහොල් ටික අරගෙන, ඇයි ඉතිං අල වගේද ගෝවා?
අර දොස්තර නියම කල දිනය ළං කරල බෙහෙත් ටික නියමිත් මාත්‍රාවටත් වැඩියෙන් අරගෙන ඉන්නව නෙ, ඊට පස්සෙ ශේප් එකේ අර පරික්ශණ ටිකත් කරගන්නව, ඉතිං වැඩේ නෝමල්! මෙන්න නියම කීකරු රෝගියෙක්.... අන්තිමට දොස්තර හිතාවි නෙ ලෙඩා කියපු ලෙසටම වැඩේ පාලනය කරගෙන කියල.....
දොස්තරල එච්චර මැට්ටො නෙමෙයි හොදේ...
ඉතිං දැන් දොස්තරත් නිකම් ඉන්නෙ නෑ, පොර මොකද කරන්නෙ Hb1c එකක් කරගෙන එන්න කියල ලෙඩාට ලියල දෙනවා...
අපේ කීකරු ලෙඩා දන්නෙ නෑ නෙ ඔය සීන්.... මිනිහත් ඉතිං ෆන් එකේ ගිහින් ලේ ටිකක් දීල එනව,... ඔන්න දැන් ඔය ලේ ටික එනව EDTA ටියුබ් එකක දාල ලැබ් එකට.
ලැබ් එකේදි ඕක දානව පොඩි මැශිමකට, සිංහලෙන් කියනවනම් ඒක Biochemistry Analyzerඑකක්.
මේකෙන් ලෙඩාගෙ රතු රුධිරාණු වල තැන්පත් සංඝටක අධ්‍යනයක් කරන්නෙ. ඒකෙන් පසුගිය සති 8-12 ඇතුලත රුධිරයේ සාමාන්‍ය ගිලූකෝස් ව්‍යාප්තිය දැනගන්න පුලුවන්, මේකෙන් අධ්‍යනය කරන්නෙ රක්තාණු වල තියෙන ග්ලයිකොසිලේටඩ් හීමොග්ලොබින් කියන සංඝටකයයි. (බොහෝ දෙනාගේ තේරුම් ගැනීමේ පහසුව තකා මෙසේ ලියමි. වැඩිදුර විස්තර ඇවැසි කෙනෙක් ඇත්නම් කරුණාකර කොමෙන්ටයක් මගින් විමසන්න) පහත ඡායාරූපයෙන් දැක්වෙන්නෙ ඔය වැඩේ කරන යන්ත්‍රය.
මෙකෙන් ඉතිං අපේ කීකරු ලෙඩාගෙ වැඩකිඩ මාට්ටු වෙනව හොදේ... මෙයා ලේ ටික බලල ප්‍රස්තාරයක් එක්කම රිපොර්ට් එක දෙනව මෙන්න මෙහෙම
ප්‍රශ්න මුකුත් තියනවානම් අහන්න එහෙනම්
හා එතකොට ඔය හොයන්නෙ සීනි වැඩි එකද ඇල්කොහොල් වැඩි එකද???
ReplyDeleteසීනි වැඩි එක තමා බලන්නෙ, නමුත් වැඩියෙන්ම බලන්නෙ පහුගිය කාලෙ දි මෙයා රුධිර සීනි මට්ටම පාලනය කරගෙන තියනවද කියල තමා බැලෙන්නෙ,
ReplyDeleteඇල්කොහොල් කතාව හැම එකටම අදාල නෑ, ඔහොම බෙහෙත් දුන්නත් පාලනය කරගන්නෙ නැති හැමෝම ඇල්කොහොල් ගන්න අය නෙමේ නෙ
ස්තුතියි අපිව මේ ගැන දැනුවත් කලාට
ReplyDeleteකොහොමින් කොහොම හරි දොස්තරටයි ලැබ් එකටයි බොරු කලාය කියමුකෝ ඒත් අන්තිමට තමන් තමන්ටමයි බොරු කරගෙන තියෙන්නේ :)
ඔව් ඒකනෙ කියන්නෙ, දොස්තරටයි, නීතීඥයාටයි බොරු කියන්න එපාය කියල
ReplyDelete