Saturday, April 24, 2010

mp3srilanka.com එකෙන් සිංදු බාගැනීමට ක්‍රමයක්

මම මේ දෙන ලින්ක් එකෙන් කෙලින්ම මේ සයිට් එකේ අන්තර්ගත සම්පූර්ණ ගීත ලැයිස්තුව වෙත ඔබ ගෙනයාවි. එයින් අව්ශ්‍ය ගීතයවෙත යන්න, ඉන්පසු right click  කර Save Video as  ලෙස දෙන්න,

ගීතය ලැබේවි, ඉවසන්න

http://mp3srilanka.com/files/

සිංහල ගීත 01

 

http://www.4shared.com/dir/37859328/ac4e3f82/sinhala_free__mp3.html

රෝයල් ආයුබොවන්!?

අදත් ඉතිං අපේ ඉස්කෝලෙදි වෙච්ච සිද්දියක් තමයි, මේ සීන් එක වුනේ මම ඒ.ලෙවල් කරන දවස් වල, අද කතාවේ නායකයාත් ගුරුවරයෙක් තමා, හැබැයි අද සිදුවීම නම් ලේ පිරිසිදු වන එකක්!

අපේ ඉස්කෝලෙ හිටිය මැජික් සෙක්ශන් එක් හිටිය ටිකක් නිවිච්ච පහේ පොරක්,  කෙම තමා සබ්ජෙක්ට් එක, ඉතිහාසයට අනුව පොර කලින් ඉදල තියෙන්නෙ රාජකීයෙ. ඒ ඉතිහාසය නෙ, දැන් එහෙම නෙමේ නෙ.... ඒක ටිකක් අමතක වෙලා වගේ...

අපේ මොකක් හරි වැ‍රැද්දක් දැක්කොත්..... ඔන්න පටන් ගත්ත (අපිට මතක හැටියට පොර රාජකීයෙ ඉදල තියෙන්නෙ මීට වසර ඉලක්කම් දෙකේ ගානකට පෙර)

"මම රාජකීය විද්‍යාලයෙ ඉන්නකොට නම් ඔහොම නෑ... රෝයල් එකේ ළමයි නං ඔහොම කරන්නෙ නෑ.... ඔන්න දවසක් මම යනව කොරිඩොර් එකෙ ඇවිදගෙන, ඔන්න එක පංතියක් ළගින් යද්දි කිසිම හැල හොල්මනක් නෑ... හරිම නිශ්ශබ්දයි, මමත් ඉතිං පංතියට එබිල බැලුව කවුද ඉන්න ටීචර් කියල බලන්න, ටීචර් එදා ඇබ්සන්ට්, ළමයි නිශ්ශබ්දව පාඩම් කරනවා.. ඒකට ඔයාල......"

ඔන්න ඕකම තමයි මේ සර් ගෙ කටේම තියෙන්නෙ, හැමදාම එකම කතාව රීමික්ස් කරල කියන්නෙ.

ඔන්න දවසක් අපිව ඔඩිටෝරියම් එකේ දාල මොකක් හරි ‍රැස්වීමක් වගේ එකක් තිබ්බ, ‍රැස්වීම අතරතුර කොහෙන් හරි ආව පොඩි සද්දයක්, කට්ටිය කතා කරන්න  පටන් ගෙනද කොහෙද,

ඔන්න ඉතිං මේ සර් පටං ගත්ත ආර්.සී. වන්දනාව, ඔය අතරෙදි එයා ආචාර ධර්ම ගැනත් පටන් ගත්ත, ගාථාව පටන් ගත්තම තවත් චූට්ටක් සද්දෙ වැඩි උනා කියන්න ඕනෙ නෑ නෙ අමුතුවෙන්?

ඔන්න ආචාර ධර්ම...
"ඔයාල දන්නවද දන්නෙ නෑ රාජකීය විද්‍යාලයෙ තියනවා සම්ප්‍රදයක්.. කවුරු හරි ගුරුවරයෙක් ව ඉස්සරහට මුණගහුනම නැගිටල අත් දෙක මෙහෙම කරල "ආයුබෝවන් " කියල කියනව, දැන් අපේ ළමයින්ගෙ එහෙම නෑ නෙ?, දැන් මම උදාහරණයක් කියන්නම් මම මේ ළගකදි ජුබිලි කණුව හංදියේ බස් හෝල්ට් එකක ඉන්නකොට එකපාරටම ආව  හොද කාර් එකක්, ඒකෙ හිටියෙ මගේ පරණ ගෝලයෙක්, රෝයල් එකේ, මම අදුන ගත්තෙ නෑ.... ඒත් මෙයා මාව අදුනගෙන, නැගිටල මට  "ආයුබොවන්" කීවුවා... එතකොටයි මාත් අදුන ගත්තෙ මෙයා රෝයල් එකේ හිටපු එක්කෙනෙක් වෙන්න් ඇති කියල......"

හෙ හෙ එච්චරයි කියන්න ඉඩ ලැබුනෙ, කස්ටිය බඩවල් අල්ලගෙන හිනා වෙන්න ගත්ත, ඔන්න ඉතිං වෙදිකාවෙ හිටපු අනිත් ගුරුවරුන්ට ඉතිං වැඩේ මීටර් උනා, හිනා වෙන්නත් බෑ.... හිනාව තදකරගෙන අමාරුවෙන් හිටිය ඉතිං, ඒක දැකල අපිට තවත් හිනා....

ටික වේලාවකට පසු.....

"හරි හරි ඉතිං... වරදිනව තමා... දැන් නිශ්ශබ්ද වෙන්න...!"

Friday, April 23, 2010

ඇයි මගේ නම අර ලැයිස්තුවේ තිබ්බෙ

ඔන්න කලින් ලිපියෙ මගේ නම අර ලිස්ට් එකට යන්න හේතුව මේ ලිපියෙන් කියන්න යන්නෙ, මම ඉතිං වෙච්ච සිද්දිය කියනවා මිසක්ක මම පොර වෙන්න වත් නෙමේ ඉතිං, එහෙම හිතන එක අසාධාරණයි නෙ,

අම්මෝ ඇඩ් මරුව! ඔය කතාව කියවගෙන යද්දි චුට්ටක් හොද නිරීක්ශන හැකියාව තියනවනම් එක ඇඩ් එකක් අල්ල ගන්න තිබ්බ,

හරි මෙන්න මේකයි සිද්දිය, කලින් කීවුවනෙ, අපේ කතා නායක පොරට නහරයක් වැඩියි කියල, මෙයාට  තිබ්බ තව ලෙඩ ගොඩක්( එකක් නෙමේ ලෙඩ වාට්‍ටුවක්)

එකක් තමයි මෙයා කියන එක ඒ ලෙසටම ඕනෙ, ලෝකෙ ඉන්න එකම හරි පොර එයා,එයාගෙ මතේ තමයි හරිම මතේ(මිනිහ මතෙන් ඉන්න වෙලාවල් නම් දැකල නෑ)

ඔන්න පොර අපිට උගන්වන්නෙ විජ්ජාව, මෙයා වැඩියෙන් කරන්නෙ ඉතිං සටහන කියවන එක තමයි, මගේ පුරුද්දක් තිබ්බ පොරට දිරවන්නෙ නැති, ඒක නිසා කොහොමත් මා එක්ක ටිකක් අමනාපයක් අවුරුද්ද මුලදිම නියමෙට ගොඩනැගුන මට හිතෙන්නෙ,

මේකයි මගේ පුරුද්ද, ම්ම කිසිම විශයයක සටහන් ගුරුතුමා හෝ ගුරුතුමිය කියවන එකම ලියන්නෙ නෑ.. මම ලියන්නෙ මට ඕන එක, ඒ කියන්නෙ මම මගේ වචනයෙන් ගුරුවරයා කියවන සටහන ලියන්නෙ, හැබැයි ඉතිං කවදාවත් කිසිම විශයයක ගුරුවරයෙක් මට ඒ සම්බන්ධව දොස් නගල නෑ(පොර හැර) මොකද මගේ වැඩෙන් අර ගුරුවරයා කියවන සටහනේ අර්ථය වෙනස් වෙන්නෙ නෑ, විකෘති වෙන්නෙ නෑ.... හැබැයි එයාගෙ වචන මගේ පොතේ නෑ....මගේ පොතේ මගේ වචන, ඇගේ හෝ ඔහුගේ අදහස... එච්චරයි
ඔන්න ඕක දවසක් මාට්‍ටු වෙලා....

"තමුසෙ මෙතන තමුසෙගෙ නෝට් එකද මගේ නෝට් එකද මිනිහෝ ලියන්නෙ? මම කියන එක ලියා ගන්නවා නැත්නම් යනවා යන්න රයිට්?"

ඔන්න ඉතින් ඔහොම තමා...

ඔය වගේ ඉතිං මගේ සමහර වැඩ පොරට දිරෙවුවෙ නෑ.....

අහ් තව තිබ්බ මගේ වැඩක්, මට තිබ්බනෙ යකාගෙ ප්‍රශ්න! ඒක වෙන ලිපියකින් කියන්නම්.

පාසලේ එකදු කාලපරිච්චේදයක වත් වැඩ නොකර එක දිගට සතියක්! රෙකොර්ඩ් එක තිබ්බෙ අපි මල්ලි!

ජංජාලයේ ඉබාගාතේ යනකොට කතන්දර අයියාගෙ අඩවියේ තිබ්බ ලිපියක් කියවනකොට මටත් මතක් උනා අපේ ඉස්කෝලෙත් හිටපු සෑර් කෙනෙක්.

මෙන්න මේකයි සිද්දිය

පොරත් අපේ විජ්ජාලෙ හෙන ප්‍රසිද්ධ පොරක් (නහරයක් වැඩී ය කියල) අපේ පංතිය 9H එහා පංතිය 9G.කරුමෙට හෝ වාසනාවට පොර තමා අපේ පංති භාර!

අපේ පංතියයි එකයි වෙන් වෙන්නෙ එක බිත්තියකින්, පංති දෙකම තිබ්බෙ ගොඩනැගිල්ලෙ පළමු මහලෙ,  පංති දෙක වෙන් කරන බිත්තියෙ මුදුන සහ ගොඩනෙගිල්ලෙ වහල අතර තිබ්බ තුංහුලස් යකඩ දැලක්. ඔන්න දවසක් අපේ පංති දෙකටම අළුතෙන් පත් වුණු කඩු සටන් ගුරුවරු දෙන්නක් ලැබුන, අපිට ගුරුතුමියක් 9G එකට ගුරුතුමෙක්. පංති දෙකේම අඩු සහ වැඩි නැතිව එකතැන එක විදියට ඉන්න බැරි අපි වගේ අය පුරවල හිටියයි කියමුකො දන්නවනෙ ඉතිං අළුතෙන් එන ගුරුවරුන්ට (විස්ස විජ්ජාලෙන් දැවුණු ගමන් එන අයට) පිරිමි පාසල් වලදි වෙන දේ?? අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ?

ඔන්න දවසක් එහා පංතියට කඩ්ඩ අපේ පංතියට නිදහස් විනාඩි 40ක්! අපිත් ඉතින් නිශ්ශබ්දව ඉන්නවාය? වෝර්නින්ග්ස් දෙක තුනක් ආව, අපිත් ඉතින් ඒ ලෙසම හිටිය, ටික වෙලාවකින් මෙන්න එහා පංතියෙන් අර දැල අස්සෙන් එනව කිටි කිටියට ගුලි කරපු කොලගුලි!

එහා පංතියේ පොරවල් පංතියේ ගුරුතුමා හිටියත් අපිට කොළගුලි ගහනව! මොකෝ එයාට පේන්නෙ නෑ නෙ හෙ හෙ, මොකද පොර කළු ලෑල්ලෙ රචනාවක් ලියනවද කොහෙද! ?

දැන් මොකෝ කරන්නෙ? අපිට පුලුවන්ද ආයේ අපේ පැත්තෙන්  රිටන් එක දෙන්න ? බෑනෙ? අපිත් ඔහේ ගනන් ගන්නෙ නැතිව හිටිය, මෙන්න අරුං ගෙ ඒම් එක වැරදිලා දැලේ වැදුණු කොලගුලි සර් ගෙ ඔලුවටත් වැදිල!

ක්‍රිමිනල් ඔෆෙන්ස්!

පැමිණිල්ල ගියා ඉහලට! දැන් ලස්සන වැඩේ කියන්නෙ එහා පංතියේ හිටපු ගල් ආදා ලයින් එක ප්‍රගුණ කල එකෙක් ගුරු මේසය උඩින් උන්ගෙම ඇමෝ තියල කියපි "සෑර් මෙන්න එහා පංතියෙන් තමා ගැහුවෙ මේ තියෙන්නෙ...."

අනේ අපේ අවාසනාව! සෑර්ට පිටිපස්සට ඇස් නෑ නෙ? අපි මාට්‍ටු! අපිට කොහෙන්ද එවිඩන්ස්? අපේ පැත්තෙත් කොලගුලි එහා පැත්තෙත් උන්ගෙ කොලගුලි....

ඔන්න ආව අපේ ගුරුතුමා...
" කවුද එහා පංතියේ සර් උගන්න උගන්න ඉන්දෙද්දි කොලගුලි වලින් ගහුවෙ?" (ඒ වාක්‍යයේ අගට නම් "රයිට් " තිබ්බෙ නැද්ද කොහෙද)

අපිට කට උත්තර නැත. කට ඇරල කෙලින්ම “අපි ගහුවෙ නෑ සර්…” කියන්නත් බැරිය, එයා පිලිගන්නෙ නෑ නෙ, අනික මෙයා එක්ක අපිට නෙමේ කිසිම ගුරුවරයෙක්ට වත් කට ගහන්න බෑ.

"මම ආයෙ අහන්නෙ නෑ රයිට්? කවුද මිනිහෝ කොලගුලි ගැහුවෙ?" (අප ගුරුතුමාගේ මුඛයෙන් ගලා ආ වදන් එලෙසම දැමීම සදාචාරාත්මක නොවේ. මා විසින් කපා හරින ලදී)

ම්..හ් උත්තරයක් නැත. දෙන්න උත්තරයක් ද නැත.

"උඹල දන්නවනෙ මට ඕන තරම් සාක්ෂි තියනව උඹල තමයි මේ වැඩේ කලේ, අද ඉස්කෝ ලෙ ඇරෙන්න කලින් මට උඹල කියන්න ඕනෙ කවුද මේක කලේ කියල රයිට්?."

අපිත් ඉතිං ඔහේ සිටියෙමු,එහා පංතියේද පාවාදෙන්නෝ නැතිවා වාගෙයි

අන්තිම මොහොතේ පොර පැමිණියේය, "රයිට් දැන් උඹලගෙන් උත්තරයක් නෑනෙ? හෙට මම උඹලව අල්ලගන්නම් හැම එකාවම"

දැන් ම්කෝ කොරන්නෙ? හැමෝටම පොදු ගැටළුව, ගෙදර ගිහින් කියන්නද? බෑ නෙ? කට් එකක් දාන්නද? ඒත් බෑනෙ, ඕන මගුලක් කියල කට්ටියම ඉස්කෝලෙ ආව ඊළග දවසෙත්,  බුදුන් වැදල පන්සිල් අරං ඉවරයි, ඒත් පංතිය වහල!

ඕඩර් එකක් ආවේය, ආපු විදිය කියන්න බැරිය, පොතුත් අරං අව්වේ හිටගෙන ඉන්න සෙට් විය! ඉදගන්න තිබ්බෙ බිම තමයි, හෙවනට අහස! පීරියඩ් අටම අව්වෙ හිටගෙන! එකදිගට දවස් 5ක් (සතියක් නෙ ඉතිං) සර්ට සහ එහා පංතියේ එවුන්ට බැන බැන(ඒ කාලෙ අපි 9 නෙ ඒකයි ;) .) දවස් පහම හිටගෙන සිටියෙමු.

ඔන්න නොකළ වරදකට වින්ද දඩුවම්!

ඕක නම් බැරිය, හැම එකාවම පෝලිමට සර් ඉන්න පංතියකට ගෙන්නුවේය. හැම එකාටම වේවැල් පාරක් හෝ කම්මුල් පාරක් චටාස් ගා තිළිණ කර "කියපිය කවුද ඕක කලේ?" කියා  ගොරනාඩුව නම් නැවැත්තුවේම නෑ..

අන්තිමට පංතියේ පොර සැක කරපු ලිස්ට් එකක් වෙනම ගෙන්නුවේ ය. කරුමේ කරුමේ ගැහුව කියහල්ලකො හිගන්නාගෙ පාත්තරේට අකුණක්! ලිස්ට් එකේ අගට මගේ නමත්, "****** මෙහෙ වරෙන් " මගේ කණ්නාඩිය පොරම ගැලෙව්වේය.

එච්චරයි දැක්කෙ, කොහෙන්ද සද්දයක් ආව "චටස් පටස්" මගේ මූන දෙපසට දෝලනය විය.

ප.ලි.

ඉතිං වැ‍රැද්දක් නොකර වැ‍රැද්දක් පිලිගන්න බෑනෙ? සතියක් එළියෙ හිටගෙන ඉදල එයාටම එපා වෙලා අපිව ගත්ත ඇතුලට. අපේ බැචෙක් පාසල් ජීවිතයේ එකම ගුටි වැළදීම කලෙත් එදා...

ප.ප.ලි.

ඇයි මගේ නම අර ලැයිස්තුවේ තිබ්බෙ? ළගදීම.....

Thursday, April 22, 2010

උසස් පෙළ සහ කම්මැලිකම

"බැලූ බැල්මටම ටිකක් සැර ටොක්ස් පාරකට වගේ මිනිහ එන්නෙ"

මම සාපෙ යන්තම් පදං සදං ගෙන උපෙ ට බැහැල උපෙ මරල දැන් පෙර පිනකට හෝ පවකට සිරිලාංකික ශිශුවන්ට ආවේනික උසස් පෙළ ගන්ධබ්බ කාලය ගතකරමින් සිටිමි (කාලය ගතකරමින් නොව කාලය මරමින්)

උසස් පෙළ කාලය කියන්නෙ ඉතින් පාසල් ජීවිතයේ  ජොලි බරම කාළය කියන එක ඉතිං අමුතු දෙයක් නෙමේ නෙ, සාමාන්‍යයෙන් බහුජන මතයට අනුව ශාන්ත දාන්ත තීන්ත කුප්පි ඉන්න ඕනෙ යැයි සැලකූ පංතියක 1/සිල්වත් පොරවල් ලෙස අපි සිටියෙමු. උසස් පෙළ නිමාවුණු වහාම සුපුරුදු පුරුදු පරිදි පංතිය කෑලි කැඩී බිදී ගියේය. (එනම් දැන් එදා මෙන් කස්ටිය හමු නොවන නිසාය)

"එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ" කියන්නාක් මෙන් එදා පිස්සු කෙලිය නිසා මෙදා නිකං ඉන්න බැරිය,පිස්සුවක් කෙලින්නමයි හිත

ඔන්න ඔහොම කොහොම කොහොම හරි උපෙ ඉවර වෙලා මම ජංජාලගත උනා, ඒක එසේ මෙසේ ජංජාල ගතවීමක් නෙමී, උපෙ පාඩම් කළ +ඉස්කෝලෙ ගිය සහ ටියුශන් ගිය මුලු කාළයම දැන් ජංජාලයේ තමයි,
ඔන්න ඔහොම බුකියෙ තාප්පයක තිබිල සෙන්ටිමෙන්ටල් උනා නියම ටොක්ස් පාරක් මෙන්න බලන්නකො ඒකෙත් හැටි?

 

24119_1359588270485_1254887075_31050889_1040339_n

Using SLT’s Router with Our Router

මල ජංජාලයයි නෙ? ගියපාර ලිපියෙන් වැඩේ කරන හැටි සහ වැඩේ දැන් පේන හැටි පිංතූරයකින් දැම්මත් ක්‍රමේ කියන්න මතක නැති වුනා, ඔන්න අද ඒක කියන්නම්, වැඩේ හරිම සරලයි

මුලින්ම තමන්ගෙ Router එකෙ DHCP Disable  කරගන්න, ඉන් පස්සෙ කරන්න

අපේ Router එකේ IP එක මාරු කරගන්න (default IP=192.168.1.1) 192.168.2.1 ලෙස.

එච්චරයි දැන්save  කරල Reboot කරන්න.

[දැන් හැබයි ඔබේ Router එකට ඇතුලු වෙන්න නම් Address Bar එකේ 192.168.2.1 කියල ටයිප් කලාට බෑ හැබැයි, ඒකට නම් තමන් ගෙ PC එකෙ IP එක මාරු කරන්න වේ වි එතකොට හරි]

Wednesday, April 21, 2010

Configuring a Router to Peo Tv and ADSL

ඔන්න ඉතිං මට වෙච්ච ඇබැද්දියක් තමා මේ, ඔන්න ඉතින් මීට අවුරුද්දකට කලින් නිකම් දෙන නිසා Peo Tv එකක් ගත්ත මාත් ( අපිටත් ඉතිං නිකම් දෙනවනම් කැති පාරක් උනත් හා නෙ) SLT එකෙන් දුන්න චීනෙ හදපු ඉටිගෙඩියක් UTSTARCOM UT 304R2 කියන 4 port Router + ADSL MODEM  එකක් එයාල හයිකොරල ගියා ගියාමයි කොහොමද කලේ කියල වත් මම දන්නෙ නෑ, එයාලට පිං සිද්ධ වෙන්න ගෙදර හතර අතේ වයර්, ඔන්න ඉතින්  ගිය මාසෙ ලාබට ලැබුන නිසා ගත්ත මාත් D-Link DSL 2640T වෑර්ලස් Router  එකක්

දැන් ඉතිං මාත් මේක එච්චර වැඩක් නෙමේ නෙ කියල ගෙනැල්ල අර UTSTARCOM එකට මේක ගහල දන්න කියන සෙල්ලම් ඔක්කොම දාල බැලුව Wi-FI  ගන්න, මල ජංලාල ගොඩක් විදල කොහොම කොහොම හරි හදා ගත්ත ඉතිං, මෙන්න මේහෙමයි හදන්නෙ

මුලින්ම තනි එකකින් කොහොමද සහ ගන්නෙ,ක්‍රමය මේකයි හැම Router එකෙන් Router  එකට UI එක තමා පොඩ්ඩක් වෙනස් වෙන්නෙ

මුලින්ම ඇඩ්මින් පැනල් එකට ලොග් වෙන්න වැඩේ මෙහෙමයි, Browser එකෙ Address Bar එකේ 192.188.1.1 කියල ටයිප් කරල එන්ටොර් කොරන්න.එතකොට Username එකකුයි password  එකකුයි ඉල්ලනව, ඒකට තමන් ගෙ Router එකේ Default USN and PW එක දෙන්න වේවි. (D-Link - USN= admin, PW= admin,) කවුරු හරි ඔය දෙකම දන්නෙ නැත්නම් තමන් ගෙ Router එකේ Model එක කියල ගුගල් කරන්න.

මුලින්ම PPPoe  වලට Router  එක Config. කරගන්න ( ADSL VPI = 8 , VCI =35)

දැන් අපි Peo Tv හදන්න යන්නෙ

admin panel එකට ගිහිල්ලා wan setup කරන තැනට යන්න.

1st 

ඊට පස්සේ add-new කරන්න. 
ඊට පස්සේ  VPI = 8 , VCI =36  සහ service category  එකට “UBR without PCR” යන settings දෙන්න.

2nd-300x94

 

ඊට පස්සේ network protocol එකටයි encapsulation mode එකටයි පිලිවෙලට Bridging හා LLC/SNAP යන settings දෙන්න.

3rd-300x53 හරි දැන් connection එක හදලා ඉවරයි (මතක ඇතුව  apply කරන්න :P)

 

දැන් ඔන්න හරි, දැන් දන්නවනෙ ඉතිං අපේ Router  එක දැන්  ADSL එකයි Peo Tv එකේ 5Mbps ද කොහෙද වන connections  දෙකක්  පවත්වාගෙන යනව කියල? (Multiple LAN interfaces )

දැන් ඒ කියන්නෙ 4 port router එකක් නම් ADSL මොන මොන ports වලින්ද දෙන්නෙ Peo Tvමොන මොන ports වලින්ද දෙන්නෙ කියල අපිට වෙන වෙනව group හදල දාන්න පුලුවන් ( Port Mapping )

මුලින්ම virtual ports enable කර ගන්න.දැනටමත් ADSL connection එක තියෙන නිසා එක group එකක් තියෙයි. දැන් අලුත් එකක් හදන්න IPTV වලට. ඊට පස්සෙ අදාල connection එකයි ඒ එක අවශෂ port එකයි එකම group එකකට දාගන්න

4th-300x119

දැන් වැඩේ හරි දැන් මම ඔය කිවුවෙ එයාලගෙ UTSTARCOM එක අපේ අතින් අල වුනොත් මොකෝ කොරන්නෙ කියල, නමුත් තමන්ගෙම router එකක් වුනත් ක්‍රමේ ඕක තමා,  එක තියනවනම්  ඉතින් Wireless settings  වලට ගිහින් Encryption  එකක් දාන්න අමතක කරන්න එපා (නැත්නම් ඉතිං ADSL වෙස්සන්තර සීන් එකක් තමයි මම වගේ එකෙක් ළග පාත ගෙදරක හිටියනම් ඉතිං දන්නවනෙ හෙ හෙ, ඔයාගෙ router එකෙ වතුර උණු කරන්නත් පුලුවන් වේවි)

 

හරි ඒක ඉවරයි හැබැයි මගේ අදහස නම් දැන් ඔබ ඔබේ Wireless router එකක් භාවිතා කරන්න යනවනම් ඉතිං හොදව වැඩේ තමයි ඔයාගෙ router එක UTSTARCOM එකට ප්ලග් කරන එක  LAN CABLE එකකින්. මොකද Peo Tv +ADSL + Wi-Fi  ඔය ඔක්කොම ආවොත් ඉතිං සමහර විට එක පමනට වඩා රත් වෙන්න පුලුවන්, (wi-fiවලින් connect  කරල හොද හොද ටොරන්ට්ස් දෙක තුනක් දාන්නකො බලන්න හෙ හෙ)

ඒ නිසා හොදම දේ මම වගේ එයාලගෙ UTSTARCOM  එකයි වෙනම තවත් Router එකකුයි භාවිතා කරන එක තමා මේ තියෙන්නෙ මගේ සිස්ටම්ස් එක

 

 

23830_1405899948248_1254887075_31165715_5808500_n

කඩුව අංක දෙක

ජංජාලෙ ඔහේ ඉබාගාතේ යනකොට කතන්දර අයියාගෙ බ්ලොග් එකේ දි තම මේ හිනා යන සීන් එක නම් වුනේ,
දන්නවනෙ ඉතින් අපි වගේ නෙමේනෙ, කෙල්ලො සමහරු ඇඩ් එකටත් එක්ක කඩුවෙන් ම නෙ, ;) මේකත් එහෙම එක්කෙනෙක් ගැන තමා

කතාව කෙටියෙන් මෙහෙමයි

ඔන්න දවසක් මෙයා බේකරියකට ගොඩස් වුනාස් ලු., මෙයා මුදලාලි එක්ක මෙහෙම සිංකඩුවෙන් පටන් ගත්ත ලු

කෙල්ලඃ මුදලාලි, බන්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!

කෙල්ලඃ මුදලාලි, පාන්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!

කෙල්ලඃ මුදලාලි, බෑග්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!

කෙල්ලඃ මුදලාලි, බන්ස් දෙකකුයි, පාන්ස් එකකුයි, බෑග්ස් එකක දාල දෙනවද?

(හුදෙක් කොපි කිරීමක් නොව හිනාව බෙදා ගැනීමක් පමණි, එබැවින් මා අදහස ගත් ස්ථානය ඉහත දක්වන ලදී.)

කඩු මැරීම

ඔන්න ඉතින් අලුත් වැඩක් තමයි මේකත්. කාලෙකට පස්සෙ තමයි මෙ බ්ලොග් එකට පොස්ට් එකක් ලියන්නෙ, එක එක වැඩ වැඩ නිසා ඉතිං මේක මතක් වෙන්නෙත් නෑ නෙ.

ජංජාලෙ ඇස හැරුණු හැරුණු අතේ ඇවිද ඇවිද ඉන්නෙකොට මතක් වුනා එක්තරා ටියුශන් පංතියක් වෙච්ච දෙයක්. හරි හරි ඉන්න කතා දෙකම කියන්නම්

මෙන්න මේකයි මගේ අද්දැකීම

මම ඉතිං ඒ ලෙවල් වලට එක විශයකට ගියා එක්තරා ටියුශන් පංතියකට, මේකෙ අපෙ ඉස්කොලෙ අපෙ පංතියේම යාලුවොත් හිටිය, ඔය අතරෙ හිටිය හැම කොල්ලටම වගේ නෝටිස් වෙච්ච ප්‍රොමිනන්ට් කඩු මරන කෙල්ලෙක්. කතාව කඩුවෙන් පමණයි, අපි ඉතින් වැඩි බජනයක් නෑ මොකෝ ඉතිං ළගින් යන්න බෑනෙ තුවාල වුනොත් කාට කියන්නද?? ඔන්න ඉතින් මෙයා සම්බන්ධ වැඩක් තමා මේ,(වැඩි විස්තර කියන්න බෑ ගුටි කන්න වෙන්නෙ මගේ හොදම යාළුවෙක් ගෙන්, දන්නවනෙ ඉතිං..) ප්‍රසිද්ධ වේදිකාවේ සිංහල වැ‍රැද්දවීමක් තමා මේ

ඔන්න ඉතින් අපේ පංතියේ අන්තිම දවසත් ආව, අපි දැම්ම පාටියක්, දැන් මෙන්න කොල්ලො කෙල්ලො දෙපැත්තට වෙලා තරගෙට සිංදු මරනවා, අපේ කථා නායිකාව ඉතිං අපේ යාලුවෙක් එක්ක අනිමිස ලෝචනයක්, (හෙ හෙ අපිටත් නිකම් ඉන්න බැරිකමට ඉතින් බයිට දුන්නා ) ඔන්න දැන් කොල්ලොන්ගෙ පැත්තෙන් දිගට හරහට සිංදු ගලා එනව, ඔන්න ගෑනු ළමයි හිර වෙලා.....

මෙන්න එකපාරටම අර අනිමිසය ඉවර වෙලාද කොහෙද කොහෙන්ද කඩා පාත් වෙලා මෙයා සිංදුවක් පටන් ගත්ත මෙහෙම

"කාක්ක මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුනා"

ඔන්න ඉතිං අමුතුවෙන් කියන්නෙ ඕනෙ නෑ නෙ? කට්ටිය බඩවල් අල්ලගෙන හිනාව, ඒ අතරෙ මෙයා මෙන්න තවත් අහනව

" ඇයි මොකද හිනා වෙන්නෙ? ජිප්සීස් ලගෙ සොන්ග් එකක් තියෙන්නෙ අහල නැද්ද?"

තවත් කඩ්ඩ මැරීමක් බලාපොරොත්තු වන්න