Tuesday, June 1, 2010

රුධිර ගනය පරික්ශා කිරීමට වඩා නිවැරදි ක්‍රමය

ඔන්න මතකනෙ රුධිර ගන පරික්ශාව ගැන කලින් දාපු ලිපිය? ඒකෙ තිබ්බෙ කදාවක් මත කරන ක්‍රමය ( Slide Test) ඒක ටිකක් නිරවද්‍යතාවය අඩු සහ අඩු කාලයකින් කරගත හැකි ඒකක්,

ඉරවද්‍යතාව අඩු වීමට හේතු
1. පියවි ඇසින් නිරික්ශණ ලබා ගන්නා නිසා
2.  Anti AB  භාවිතා නොවන නිසා

ප්‍රධාන හේතු තමා ඔය දාල තියෙන්නෙ, නමුත් මෙය වැරදි ක්‍රමයක් කියලා නම් කියන්න බෑ, මේකත් අනුමත ක්‍රමයක් තමා, මේ ක්‍රමයෙන් O- ( O Negative)  ආවහම මම අද කියන්න යන Tube Test එක කරල ඉතා නිවැරදිව ලබා ගන්නවා, නමුත් නියම ලෙස නම් කරන්න ඕනෙ  එක තමා, නමුත් ඒකට විවිධ බාධක තියෙනවා....

හරි මෙන්න කතාව, අද කතාව තමා Tube Test එක.

මේකෙ තියනවා Bllod Grouping  සහ Serum Grouping කියල දෙකක්,

Blood Grouping

මුලින්ම අපි අපිට එන රුධිර සාම්පලය කේන්ද්‍රාපසරණයට (centrifuge) ලක් කරනවා, එවිට රුධිර සෛල සහ මස්තු (serum)  වෙන් වීමක් සිදුවෙනවා, ස්ථර දෙකකට. ඉන්පසුව කුඩා පරික්ෂණ නලයකට මස්තු ටික වෙන් කරල අරගන්නවා,

එවිට  අර කේන්ද්‍රාපසරණයට ලක් කල නලයේ ඉතුරු වන්නෙ රුධිර සෛල ( අපිට අවෂ්‍ය වන්නෙ රක්තාණු පමණයි, එනිසා මින් මතුවට රක්තානු කියලම හදුන්වන්නම්..) එම රක්තානු 1:20 (රක්තාණු 1 ul:N. Saline 20ul)  අනුපාතයට සාමානය සේලයින් සමග තනුක කිරීමකට ලක් කරනවා, ඉන්පසුව නැවත කේන්ද්‍රාපසානයට ලක් කරනවා ( ඉහත 1:20 අනුපාතයට මිශ්‍ර කර කේන්ද්‍රාපසණයට ලක් කිරීම cell washing නම් වේ.) දැන් අර නලයේ පතුලේ ඔය රක්තාණු ටික පොදියක් ලෙස දැකගත හැක, දැන් උඩුගිය ද්‍රාවණය ඉවත් කර නැවත සේලයින් 20ක් එකතු කර ඉහත පරිදි සේදුම් ක්‍රියාවලිය තෙවතාවක් කරනු ලැබේ.(3 )

දැන් තවත් නල 4ක් ගෙන එක් එක් නලයට පිලිවලින් Anti –A, Anti AB, Anti- B සහ Anti D බිංදු දෙක බැගින් එක් කරගනු ලැබේ,

දැන් එම නල වලට පිලිවලින් අර සෝදා ගත් රක්තාණු වලින් බිංදුව බැගින් දමාගෙන යන්නයි තියෙන්නෙ, ඉන් පස්සෙ ඒ නල 4ම කේන්ද්‍රාපසරණයට ලක් කෙරෙනව, ඉන් පස්සෙ අන්වික්ෂයෙන් නිරික්ශනය කරනවා..

දැන් දමාපු Anti D එකෙන් බැලෙන්නෙ Rh සාධකය, ඒකෙ කැටි (clumps ) ඇති වෙනවානම්Rh+ ලෙස ද ඇතිවෙන්නෙ නැත්නම් Rh- ලෙස ද වර්ගීකරණය වෙනව

පහත වගුවේ පරිදි ඉතිරි රුධිර ගන සොයා ගනු ලබනවා. කැටි ඇතිවීම + ලෙසද කැටි ඇති නොවීම 0 ලෙසද සංකේතවත් වේ

Anti A

Anti AB

Anti B

A

+

+

0

B

0

+

+

AB

+

+

+

O

0

0

0

දැන් ඕකට දාගන්න පුලුවන් නෙ? බැරිනම් මගේ ඉහත ලිපිය කියවන්න (ප්‍රොෆ් ආන්සර් එක) ඒත් බැරිනම් කියන්නකෝ

Serum Grouping

අර මම ඉහත කිවුවනෙ සේරම් ටික වෙන් කරල ගන්නවා කියල අන්න ඒ ටික තමා දැන් සීන්ස් එකට එන්ටර් වෙන්නෙ, දැන් අපි තවත් පරික්ශණ නල 3ක් අරගෙන ( හිතා ගන්න පුලුවන් නේ ද මේ ක්‍රමය හැම එකටම නොකරන්නෙ මොකද කියල? හෆෝයි!) ඒවා  නම් කරගන්නවා Ac, Bc & Oc ලෙස, දැන් පිලිවලින් ඒවාට දානවා A සෛල B සෛල සහ O සෛල ( ඒ මොනවද කියල මේ ලිපිය ඉවර වෙලා කියන්නම්, මෙතන කිවුවොත් අච්චාරු සීන්ස් එකක් වෙයි වගේ...) 

ඉන් පස්සෙ ඔය නල තුනට දානව අර සේරම්, දැන් ඒවත් කේන්ද්‍රාපසාරකය හරහා ගත්තාම කැටි ඇතිවීම නොවීම මත වර්ග කරනවා.. හැබැයි වැඩේ රිවස් වෙන්නෙ, ඒ කියන්නෙ අනිත් පැත්තට, මෙන්න මෙහෙම

Ac

Bc

Oc

A

0

+

0

B

+

0

0

AB

0

0

0

O

+

+

0

මම කිවුවෙ? මේකෙදි ඉහත පරික්ශන දෙකෙහිම අධ්‍යනයන්ට වඩා වෙනස්! ඒක වුනේ කොහොමද කියල අපැහැදිලි නම් , මම ඒක කියල දුන්නා මෙන්න මේකෙන්

 

A සෛල B සෛල සහ O සෛල

අපි දන්න රුධිර සාම්පල ( කලින් රුධිර ගන හදුනා ගන්නා ලද) වලින් රක්තාණු ඉහත දක්වා ඇති සේදුම් ක්‍රමය මගින් වෙන් කර ගැනීමකට ලක් කරනවා, ඉන් පස්සෙ ඒවා යින් රක්තාණු වෙන් කරල ගත්තාම ඒවා ට තමයි ඔන්න ඔහොම කියන්නෙ
එනම්,

A ගනැති රුධිරයෙන් වෙන් කර ගත් රක්තානු = A සෛල

Bගනැති රුධිරයෙන් වෙන් කර ගත් රක්තානු = B සෛල

O ගනැති රුධිරයෙන් වෙන් කර ගත් රක්තානු = O සෛල

ලෙස , සරලයි (දැන් ඉතින් කිකිළියි බිත්තරෙයි ප්‍රශ්නය නම් අහන්න එපෝ...)

Monday, May 31, 2010

රුධිර ගනය පරික්ශනාත්මකව සොයා ගන්නේ කෙසේ ද? පරික්ශනයේ මූලධර්මය

 

මගේ කලින් ලිපියෙන් දැම්මා රුදිරය කොහොමද ශ්ලේශනය වෙන්නෙ කියල, දැන් ඒකම තමා මේ පරික්ෂනයට අරං තියන ද්‍රාවන වලින් කෙරෙන්නෙ, මේ ලිපිය ලියන එකේ වැඩක් තියනවද මංද, මොකද කලින් ලිපියෙ ඔක්කොම ෆැක්ට්ස් ටික තියනවනෙ,  කමක් නෑ, මටත් පෝස්ට් එකක් වැඩි වෙනවනෙ

හරි සිද්දිය උදාහරණයකින් විස්තර කරන්නම්, අපි හිතමු Aගනයේ දායකයෙක් B ගනයේ ප්‍රතිග්‍රාහකයෙක් ට රුධිරය දුන්නා කියලා,දන්නවනෙ ඉතිං වැඩේ ඩෙල් තමා කියල,  කොහොමද උනේ?A ගනයේ දායකයාගේ රක්තාණු වල තියෙන්නෙA ප්‍රතිදේහජනකය සහ ප්ලාස්මයේ තියෙන්නෙ b ප්‍රතිදේහය, B දායකයාගේ රක්තාණු වල තියෙන්නේ B ප්‍රතිදේහජනකය ( අදාල නැත) ප්ලාස්මාවේ තියෙන්නෙ aප්‍රතිදේහය

පාරවිලයනය සිදු කලාම දායක රුධිරය හා ප්‍රතිග්‍රාහක රුධිරය මිශ්‍ර වෙනවා නෙ, එතකොට ප්‍රතිග්‍රාහක රක්තානු, දායක ප්ලාස්මය හා මිශ්‍ර වෙනවා කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ, එතකොට කලින් ලිපියට අනුව, එකම වර්ගයේ ප්‍රතිදේහජනකය හා ප්‍රතිදේහය හමු වෙනවා, ඒ නිසා ප්‍රතිග්‍රාහක රුධිරය ශ්ලේශනය වෙනවා, ඕක තමා සිද්දිය,

දැන් අපි කරන්නෙ ඔය කෘතිම ද්‍රාවණ වලින් අර ප්‍රතිදේහ, අපිට පරික්ශා කරන්න ඕනෙ රුධිරය හා මිශ්‍ර වෙන්න සලස්වන එක,
එතකොට රුධිර කැටි සැදීම හෝ නොසෑදීම මත වර්ගීකරණය කරන එක තමා වෙන්නෙ, දැන් නම් බොහෝ දුරට වැටහෙන්න ඕනෙ

Anti – A කියල දාන්නෙ ප්ලාස්මාවේ තියන ප්‍රතිදේහය වන a  එක,  කැටි සැදුනොත් ඒ කියන්නෙ රක්තානු ආශ්‍රිතව A තියනවා, කැටි සැදුනෙ නැත්නම්, ඒ කියන්නෙ රක්තාණු ආශ්‍රිතව A නැහැ

අන්න ඒ වගේ......

මානව රුධිර ගන, ප්‍රති දේහ සහ ප්‍රතිදේහ ජනක

කලින් මම දාපු අර රුධිර ගනය දැන ගැනීමට කරන පරික්ෂනයට ආපු ප්‍රතිචාරයක් තිබුනා, මේ පරික්ෂනයේ මූලධර්මය ත් කියන්න කියල, ඒක තේරුම් ගන්න පහසු වෙන්න නම් රුධිර පාරවිලනයකදී රුධිරය කැටි ගැසෙන්නේ ඇයි කියන එක දැන ගන්න වෙනවා, එනිසා මම මේ ලිපියේ ඒ ගැන සදහනක් කරලම අර පරික්ෂනයේ මූලධර්මය කියන්නම්, මේක දන්නවා නම් මූලධර්මය වාක්‍ය දෙක තුනකින් කියන්න පුලුවන් ඒකයි, සහ මේකත් වැදගත් වෙයි කියල මම හිතනවා

මෙන්න කතාව

මිනිසාට (ABOවර්ගීකරණයට අනුව) රුධිර ගන 4කි

1. A

2. B

3. AB

4. O

මේවා තීරණය වෙන්නේ රතු රුධිරාණු ආශ්‍රිතව (රතු රුධිරාණු වල  ප්ලාස්ම පටලයේ) තියන ප්‍රතිදේහජනක මගිනි.( Antigen) එම ප්‍රතිදේහජක තීරණය වන්නේ අදාල ඇලීල පිහිටීම මගිනි ( සරලව ජාන කියමුකො, හැබැයි ඇලීලයයි ජානයයි කියන්නෙ දෙන්නෙක් හොදේ, දැනට මෙහෙම කියමු)

කොහොම හරි රක්තාණු ආශ්‍රිතව A ප්‍රතිදේහජනකය පිහිටයි නම් A රුධිර ගනයට ද

රක්තාණු ආශ්‍රිතව B ප්‍රතිදේහජනකය පිහිටයි නම් B රුධිර ගනයට ද

රක්තාණු ආශ්‍රිතව AB ප්‍රතිදේහජනකයපිහිටයි නම් AB රුධිර ගනයට ද

රක්තාණු ආශ්‍රිතව ප්‍රතිදේහජනක නැත්නම් O රුධිර ගනයටද අයත් වේ.

ප්‍රතිදේහජනක හා ප්‍රතිදේහ


ප්‍රතිදේහජනක රක්තාණු ආශ්‍රිතව පිහිටන අතර, ප්‍රතිදේහ රුධිර ප්ලාස්මාව ආශ්‍රිතව පිහිටයි.

රක්තාණු වල A හාB ප්‍රතිදේහජනක වලට අනුරූපව ප්ලාස්මාවේ a හා b ප්‍රතිදේහ පිහිටයි.

රක්තාණු වල පිහිටන ප්‍රතිදේහජනකය අයත් වන වර්ගයට සමාන ප්‍රතිදේහයක් කිසිවිටක ප්ලාස්මාවේ නොපිහිටයි!
උදා:- රක්තාණු වල තියෙන්නෙ A ප්‍රතිදේහජනකය නම්, ප්ලාස්මාවේ කිසිවිටෙක a ප්‍රතිදේහය තියෙන්න බෑ..

මෙන්න ඔක්කොම දාපු වගුවක් එහෙනම්

රුධිර ගනය                  ප්‍රතිදේහ ජනකය            ප්‍රතිදේහය

A                                  A                           ප්‍රති B / b

B                                  B                           ප්‍රති A / a

Ab                                AB                              -

O                                 -                          ප්‍රති AB / ab

රුධිර පාරවිලයනය

යම් පුද්ගලයෙක් ගෙන් තවත් කෙනෙක් ට රුධිරය දීම ට තමා මෙහෙම කියන්නෙ,

නොගැලපෙන රුධිර ගන දෙකක් මිශ්‍ර උනාම රුධිරය කැටිගැසේ, එය  රුධිර ශ්ලේශණය නම් වේ.

           ප්‍රතිග්‍රාහක-->

දායක

A B AB O
A N C N C
B C N N C
AB C C N C
O N N N N

N= ශ්ලේශනය නොවේ

C=ශ්ලේශනය වේ

දැන් පැහැදිලියි නෙ කොහොමද කැටිගැසෙන්නෙ කියල?

Saturday, May 29, 2010

හෙපටයිටිස් තියනවද කියල ලැබ් එකේ අය බලන්නෙ මෙන්න මෙහෙමයි

 

මේක කියවල නම් ඉතිං කියන්න එපා මේක මහ සීන් එකක් නෑ නෙ කියල, හැබැයි වැඩේ වෙන්නෙ මෙහෙමයි, සරලයි සුගමයි

ඔන්න දොස්තර ලියල දෙනව හෙපටයිටිස් B වලට රුධිර පරික්ශාව කරගෙන එන්න කියල, එතකොට අපේ ලෙඩා ලේ දීල එනව.

අපි පොඩි උපකරණයකට මේ ලෙඩාගෙ රුධිර මස්තු (serum) තමා භාවිතා කරන්නෙ, ඉතිං ඒ නිසා අපි රුධිර සාම්පලය කේන්ද්‍රාපසාරණයට (centrifuge) ලක් කරනව, එතකොට රුධිර සෛල සහ මස්තු වෙන් වෙනව ස්ථර දෙකකට (උඩින් එන ස්තරය මස්තු)

ඉන්පස්සෙ ලැබ් එකේ තියන "හෙපටිකාඩ්" කියන පොඩි කැසට් එක අරගෙන, ඒකෙ තියනව පොඩි ස්ථානයක් (සිදුරක්) රුධිර මස්තු ඇතුලත් කරන්න කියල. අන්න එතනට රෝගියාගේ රුධිර මස්තු බිංදුවක් දාල බලාගෙන ඉන්න තියෙන්නෙ, වෙන මුකුත් ද්‍රාවණ ඕනෙ නෑ, ඕන කරන ඔක්කොම මේකෙ තියනව

 

 18052010108edit ඔය ඊ හිසකින් තියන තැනට තමා මස්තු දාන්න ඕනෙ.

ඔය ඉහතින් තියෙන්නෙ පරීක්ශනය අතරතුර ගත්ත ඡායාරූපයක්, දැන් ඕකෙ ඔය කැසට් එකේ තියෙන සුදු කඩදාසිපටියක් වගේ කොටසෙ ඉහත පරිදි එක රතුපාට තිරස් රේඛාවක් පමණක් ආවොත් ඒ කියන්නෙ අපේ ලෙඩාට රොඉ එගය වැලැදිලා නෑ...

පහතින් දැක්වෙන්නෙ පරීක්ෂණය අවසානයේ ගත්ත ඡායාරූපයක්

18052010117

ලෙඩාට රෝගය තියනවානම් ඔය වගේ තවත් රතුපාට තිරස් රේඛාවක්, ඒ කියන්නෙ ඔක්කොම රේඛා දෙකක් එනව.

එතකොට ලැබ් එකෙන් Hepatitis B Positive ලෙස වාර්තාව නිකුත් කරනව

කේන්ද්‍රාපසාරකයේ ඡායාරූපයකුත් දැම්ම නම් හොදයි නේ ද? ඒක දැම්මෙ නැත්තෙ, එහෙම කලාම සමහරු කමෙන්ට් කරයි ද දන්නෙ නෑ " ඕව මෙහෙම දාන්නත් දේවල් ද?" කියල අනේ මංද

 

Friday, May 28, 2010

රුධිර ගනය පරික්ශනාත්මකව සොයා ගන්නේ කෙසේ ද?

 

රෝහලක දී රෝගියෙක් ට රුධිරය ලබා දීමට හෝ ලේ බැංකුවක රුධිරය තැන්පත් කිරිමට පෙර එම රුධිරය කුමන ගනයකට අයත් දැයි පිරික්සනු ලැබේ. එය පරික්ශනාත්මකව මෙසේ සිදුවේ. මෙම පරික්ශනයත් ක්‍රම දෙකකින් සිදුවේ.

1. අන්වීක්ශ කදාවක් මත හෝ විශේශයෙන් සැකසූ කාඩ්බෝඩ් කඩදාසියක් මත. (slide test)
2. පරික්ශණ නල කට්ටලයක් භාවිතයෙන් (tube Test)

( පරික්ශණ නල කට්ටලයක් භාවිතයෙන් කරන ආකාරය සවිස්තර බවින් යුක්තව, දීර්ඝ විස්තරකිරීමකින් තොරව දැමීමෙන් බහුතර පාඨකයන් ට නීරස වීමක් හෝ අපැහැදිලි බවින් යුක්ත තවත් එක් ලිපියක් පමනක් විය හැක. එනිසා සරල පරික්ෂනයක් වන අංක් 1 දක්වමි.)

මේ සදහා භාවිතා කරන ද්‍රාවණ 3ක් ඇත. ඒවා නම් කර ඇත්තේ Anti – A, Anti -B සහ Anti- D ලෙස ය. එම ද්‍රාවණ වල ඡායාරූප පහත දැක්වේ

 

18052010096   18052010097   18052010098

මෙම ද්‍රාවණ වල අන්තර්ගතය ගැන ඉතා කෙටියෙන් පැවසුවහොත්, රුධිර ප්ලාස්මාවේ ඇති ප්‍රති A හා ප්‍රති B  මෙම ද්‍රාවණ වල ප්ලිවලින් Anti A හා Anti B හි ඇත. Anti D, Rh සාධකය නීර්ණය පිණිස ය. (ප්‍රවේණියේ Rh සාධකය සදහා ඇති ඇලීලය දැක්වීමට D සංකේතය යොදයි, එම පාඩම සිහියට ගන්න….)

දැන් අපි පහත දැක්වෙන කඩදාසියේ නියමිත ස්ථාන වලට මෙම ද්‍රාවණ වලින් බිංදුව බැගින් දමා, 4 වෙනි ස්ථානයට, එනම් පාලකය ට (control test) රුධිරය වෙනුවට සේලයින් බිංදුවක් (N. Saline) එක් කරනු ලැබේ.

19052010138

ඉන්පසු පිපෙට්‍ටුවක් ආධාරයෙන් පිරික්සීමට අවශ්‍ය රුධිරය බිංදුවක් බැගින් නියමිත ස්ථාන 4ටම එක් කර හොදින් මිශ්‍ර කරනු ලැබේ. එවිට එක් එක් ස්ථාන වල ඇති රුධිර බිංදු වල සියුම් අක්‍රමවත් කැටි (clumps) සැදීම හෝ නොසෑදීම මත එම රුධිරය කුමන ගනයට ඇයත් දැයි නිගමනය කෙරේ.18052010092 edit

Anti A

Anti B

Anti D

Blood grupe

clumps

clumps

clumps

AB +

clumps

clumps

no clumps

AB-

clumps

no clumps

clumps

A+

Clumps

no clumps

no clumps

A-

no clumps

clumps clumps

B+

no clumps clumps no clumps

B-

no clumps no clumps clumps

O+

no clumps no clumps no clumps

O-

රුධිර කැටි සැදෙනවනම් Positive ලෙසද එසේ රුධිර කැටි නොසෑදේ නම් Negative  ලෙසද දෙනු ලැබේ.

ප.ලි. - බයෝ සීන්ස් වැඩිය නොදන්න අපේ ආටො සහ මැත්තො ඉන්න නිසා රුධිර ගන නොගැලපීම නිසා රුධිරය කැටි ගැසෙන්නෙ කොහොමද කියල මීළග ලිපියෙන් කියන්නම්.

ප.ප.ලි. - පරීක්ශනයේ මූලධර්මය ඕන කෙනෙක් ඉන්නවැයි?

Thursday, May 27, 2010

දොස්තරට බොරු කලත් ලැබ් එකට බොරු කරන්න බෑ.....

 

අද නම් කියන්න යන්නෙ වැඩි දෙනෙක් නොදන්න, එහෙත් නියම සිද්දියක්, අපේ සමහරු ඉන්නවනෙ බෙහෙත් බොන්න අකමැති/බය කස්ටිය (පොඩි ළමයි විතරක් නෙමේ හොදේ..මේ කියන්නෙ වැඩිහිටියො ගැන) විශේෂයෙන් ම බීමත්ව ඉන්න කැමති අය, මෙයාලගෙන් සමහරුන්ට තියනව නෙ ඔය, දියවැඩියාව වගේ ලෙඩ, දැන් මේව හැදුනම ඉතිං වෛද්‍යවරයා හමුවෙන්න යනවනෙ, ඉතිං පොර සිද්දිය තේරුම් අරං බෙහෙත් දීල කියනව, මේ බෙහෙත් හරියට අරගෙන වැඩේ පාලනය කරගන්න කියල, එහෙම කියල පොර දෙනව බෙහෙත් ඉවර වෙලා ආයෙ එන්න දිනයකුත්

දිනය එක්කම අලුතින් කරගන්න ටෙස්ට්ස් ටිකකුත් දෙනවනෙ ඉතිං.....

අපේ අයියල මොකද කරන්නෙ? බෙහෙත් ගන්නෙ නෑ, පෙර ලෙසම ඇල්කොහොල් ටික අරගෙන, ඇයි ඉතිං අල වගේද ගෝවා?

අර දොස්තර නියම කල දිනය ළං කරල බෙහෙත් ටික නියමිත් මාත්‍රාවටත් වැඩියෙන් අරගෙන ඉන්නව නෙ, ඊට පස්සෙ ශේප් එකේ අර පරික්ශණ ටිකත් කරගන්නව, ඉතිං වැඩේ නෝමල්! මෙන්න නියම කීකරු රෝගියෙක්.... අන්තිමට දොස්තර හිතාවි නෙ ලෙඩා කියපු ලෙසටම වැඩේ පාලනය කරගෙන කියල.....

දොස්තරල එච්චර මැට්ටො නෙමෙයි හොදේ...

ඉතිං දැන් දොස්තරත් නිකම් ඉන්නෙ නෑ, පොර මොකද කරන්නෙ Hb1c එකක් කරගෙන එන්න කියල ලෙඩාට  ලියල දෙනවා...
අපේ කීකරු ලෙඩා දන්නෙ නෑ නෙ ඔය සීන්.... මිනිහත් ඉතිං ෆන් එකේ ගිහින් ලේ ටිකක් දීල එනව,... ඔන්න දැන් ඔය ලේ ටික එනව EDTA ටියුබ් එකක දාල ලැබ් එකට.

ලැබ් එකේදි ඕක දානව පොඩි මැශිමකට, සිංහලෙන් කියනවනම් ඒක Biochemistry Analyzerඑකක්.

මේකෙන් ලෙඩාගෙ රතු රුධිරාණු වල තැන්පත් සංඝටක අධ්‍යනයක් කරන්නෙ. ඒකෙන් පසුගිය සති 8-12 ඇතුලත රුධිරයේ සාමාන්‍ය ගිලූකෝස් ව්‍යාප්තිය දැනගන්න පුලුවන්, මේකෙන් අධ්‍යනය කරන්නෙ රක්තාණු වල තියෙන ග්ලයිකොසිලේටඩ් හීමොග්ලොබින් කියන සංඝටකයයි. (බොහෝ දෙනාගේ තේරුම් ගැනීමේ පහසුව තකා මෙසේ ලියමි. වැඩිදුර විස්තර ඇවැසි කෙනෙක් ඇත්නම් කරුණාකර කොමෙන්ටයක් මගින් විමසන්න) පහත ඡායාරූපයෙන් දැක්වෙන්නෙ ඔය වැඩේ කරන යන්ත්‍රය.

 

21052010204crop

මෙකෙන් ඉතිං අපේ කීකරු ලෙඩාගෙ වැඩකිඩ මාට්‍ටු වෙනව හොදේ... මෙයා ලේ ටික බලල ප්‍රස්තාරයක් එක්කම රිපොර්ට් එක දෙනව මෙන්න මෙහෙම 

21052010203

ප්‍රශ්න මුකුත් තියනවානම් අහන්න එහෙනම්

Saturday, April 24, 2010

mp3srilanka.com එකෙන් සිංදු බාගැනීමට ක්‍රමයක්

මම මේ දෙන ලින්ක් එකෙන් කෙලින්ම මේ සයිට් එකේ අන්තර්ගත සම්පූර්ණ ගීත ලැයිස්තුව වෙත ඔබ ගෙනයාවි. එයින් අව්ශ්‍ය ගීතයවෙත යන්න, ඉන්පසු right click  කර Save Video as  ලෙස දෙන්න,

ගීතය ලැබේවි, ඉවසන්න

http://mp3srilanka.com/files/