මගේ කලින් ලිපියෙන් දැම්මා රුදිරය කොහොමද ශ්ලේශනය වෙන්නෙ කියල, දැන් ඒකම තමා මේ පරික්ෂනයට අරං තියන ද්‍රාවන වලින් කෙරෙන්නෙ, මේ ලිපිය ලියන එකේ වැඩක් තියනවද මංද, මොකද කලින් ලිපියෙ ඔක්කොම ෆැක්ට්ස් ටික තියනවනෙ, කමක් නෑ, මටත් පෝස්ට් එකක් වැඩි වෙනවනෙ
හරි සිද්දිය උදාහරණයකින් විස්තර කරන්නම්, අපි හිතමු Aගනයේ දායකයෙක් B ගනයේ ප්‍රතිග්‍රාහකයෙක් ට රුධිරය දුන්නා කියලා,දන්නවනෙ ඉතිං වැඩේ ඩෙල් තමා කියල, කොහොමද උනේ?A ගනයේ දායකයාගේ රක්තාණු වල තියෙන්නෙA ප්‍රතිදේහජනකය සහ ප්ලාස්මයේ තියෙන්නෙ b ප්‍රතිදේහය, B දායකයාගේ රක්තාණු වල තියෙන්නේ B ප්‍රතිදේහජනකය ( අදාල නැත) ප්ලාස්මාවේ තියෙන්නෙ aප්‍රතිදේහය
පාරවිලයනය සිදු කලාම දායක රුධිරය හා ප්‍රතිග්‍රාහක රුධිරය මිශ්‍ර වෙනවා නෙ, එතකොට ප්‍රතිග්‍රාහක රක්තානු, දායක ප්ලාස්මය හා මිශ්‍ර වෙනවා කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ, එතකොට කලින් ලිපියට අනුව, එකම වර්ගයේ ප්‍රතිදේහජනකය හා ප්‍රතිදේහය හමු වෙනවා, ඒ නිසා ප්‍රතිග්‍රාහක රුධිරය ශ්ලේශනය වෙනවා, ඕක තමා සිද්දිය,
දැන් අපි කරන්නෙ ඔය කෘතිම ද්‍රාවණ වලින් අර ප්‍රතිදේහ, අපිට පරික්ශා කරන්න ඕනෙ රුධිරය හා මිශ්‍ර වෙන්න සලස්වන එක,
එතකොට රුධිර කැටි සැදීම හෝ නොසෑදීම මත වර්ගීකරණය කරන එක තමා වෙන්නෙ, දැන් නම් බොහෝ දුරට වැටහෙන්න ඕනෙ
Anti – A කියල දාන්නෙ ප්ලාස්මාවේ තියන ප්‍රතිදේහය වන a එක, කැටි සැදුනොත් ඒ කියන්නෙ රක්තානු ආශ්‍රිතව A තියනවා, කැටි සැදුනෙ නැත්නම්, ඒ කියන්නෙ රක්තාණු ආශ්‍රිතව A නැහැ
අන්න ඒ වගේ......